සේවකයන් මුදල් ඉල්ලුවොත් රෝහල් පොලිසියට කියන්න… කළුබෝවිල රෝහල් අධ්‍යක්‍ෂ

177

 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

රෝහලේ යම් කටයුත්තක් ඉටු කරදීමට සෞඛ්‍ය සේවකයින් මුදල් ඉල්ලා සිටින්නේ නම් ඒ ගැන වහාම රෝහල් පොලිසියට පැමිණිලි කරන ලෙස හෝ එසේත් නොමැති නම් එම මුදල් ඉල්ලා සිටින අයව අල්ලා පොලිසියට භාර දෙන්නැයි කළුබෝවිල දකුණු කොළඹ ශීක්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සාගරි කිරිවත්දෙණිය මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියා ය.
 
 කළුබෝවිල රෝහලේ බෙහෙත් ගැනීමට පැමිණෙන අයගෙන් එම කාර්යයන් ඉටු කරදීමට ඇතැම් රෝහලේ සේවකයින් මුදල් ඉල්ලා සිටින බවට මහජනතාවගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඊයේ (08 වැනිදා* විමසූ අවස්ථාවේ ඇය එසේ කියා සිටියා ය. එහිදී තව දුරටත් කතා කළ කළුබෝවිල රෝහල් අධ්‍යක්‍ෂවරිය මෙසේද කියා සිටියා ය. රෝහලේ ඇතැම් සේවකයින් විවිධ කාර්යයන් ඉටු කරදීමට මුදල් ඉල්ලන බවට අපට තාම පැමිණිලි ලැබිලා නැහැ. නමුත් එහෙම කවුරු හරි යම්කිසි කටයුත්තක් කරදීමට මුදල් ඉල්ලා සිටිනවා නම් ඒ ගැන රෝහල් පොලිසියට හරි එහෙමත් නැත්නම් ඒ පුද්ගලයාව අල්ලාගෙන රෝහල් පොලිසියට භාර දෙන්න. රෝහල තුළ සී සී ටී වී කැමරාත් සවිකර තිබෙනවා. ඒ නිසා වැරදි කරන්න තියෙන ඉඩකඩ ප‍්‍රමාණය අවමයි. කොහොම වුණත් රෝහලේ බොහෝ දෙනකු රෝගී ජනතාව වෙනුවෙන් ඉතා හොඳ සේවයක් ඉටු කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment