සේවකයන් 48කට කොරෝනා… කැස්බෑව ඩිපෝව වසාදමයි

234

කෝවිඞ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග කැස්බෑව ලංගම බස් ඩිපෝ වසා දමා තිබේ. ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කැස්බෑව ඩිපෝවේ සේවය කරනු ලබන කොන්දොස්තරවරුන් සහ රියැදුරුන් මෙන්ම ඉංජිනේරු, ධාවන අංශයන්හි සේවය කරන නිලධාරීන් මෙන්ම සේවකයන් (48) දෙනෙක්ට කොවිඞ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම ඩිපෝව 13 වන දින පෙරවරු 10.00 සිට සම්පූර්ණයෙන් වසා දැමූ බව කොළඹ ප‍්‍රාදේශීය ධාවන කළමනාකාර යු. ජී. පී. පී. සත්‍ය සිංහ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කොළඹ ප‍්‍රාදේශිකය තුළ පිහිටි බස් ඩිපෝ දහතුනක් අතරින් මේ වෙනවිට කොරෝනා ආසාදිත සේවකයින් (91) දෙනෙක් වාර්තා වී ඇති බවත් තවත් සේවකයන් 259 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම හේතුවෙන් කැස්බෑව ඩිපෝවෙන් ධාවනය වීමට නියමිතව තිබූ සියලූම බස් රථ ගමන් වාර අවලංගු කළ බවද ධාවන කළමනාකාරවරයා පැවසීය.

කැස්බෑව ඩිපෝවේ කොරෝනා ආසාදනය වූ සේවකයන්ගේ ආශ‍්‍රිතයන් වූ සේවක මහත්ම මහත්මීන් 210 ක් මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බවත් එම සේවයන්ගෙන් කොටසක් (13) වන දින කැස්බෑව සහ පිළියන්දල සෞඛ්‍යය නිලධාරී බල ප‍්‍රදේශය තුළ සිදුකරනූ ලබන පී. සී. ආර්. පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත යොමු කළ බව කොළඹ ප‍්‍රාදේශීය ධාවන කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසීය.

එස්.ඞී අබේසිංහ – මහරගම, කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment