සේසතම දන්දෙමින් වෙහෙර විහාර හදන  අපේ කාලයේ සිටානෝ

647

පෙර රජ දරුවෝ තම කාලය ධනය ශ‍්‍රමය වැය කරමින් වෙහෙර විහාර ඉදිකරමින් ජාතික ආගමික ශාසනික ප‍්‍රබෝධයක් රට තුළ ඇති කිරීමටත් ගුණගරුක සමාජයක් බිහි කිරීමටත් කටයුතු කළහ. එයම ඓතිහාසික පුරාවෘත්තවලින් හා සෙල්ලිපිවලින් උකහා ගත් අය අද සමාජයේ ද නැතුවා නොවේ.

සේසතම දන්දෙමින් වෙහෙර විහාර හදන  අපේ කාලයේ සිටානෝ

එවන් දෑහිතකාමී අයකු ලෙස පන්නල හේමකුමාර මහතා හැඳින්විය හැක. කුඩාකල සිට අපමණ දුක් ගැහැට විඳි ඔහු අද දිවයිනේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකි. ඔහුට ජීවය දුන්නේ මවගේ මව වූ එමලින් නෝනා මිත්තණියයි. ඇය මිය ගොස් වසර කීපයකි. ඇය වෙනුවෙන් මනංපිටිය සෙවණපිටිය ශ‍්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ මියුගුණ සෑය නමින් අඩි 86 ක් උසැති චෛත්‍යය ඉදි කොට එහි වටා නාථ ගණදෙවි හා පත්තිනි යන දෙවිවරුන්ගේ පිළිම ගොඩනංවා අලංකාර කොට ඉකුත් ජනවාරි 3 වෙනි දින සසුනට පූජා කළ අතර එහි වියදම රුපියල් කෝටි හතරකට ආසන්නය. අනතුරුව කුලියාපිටිය බෝයිංගමුව ධම්මරුචිකාරාමයේ අඩි 35 ක් උසැති සංඝමිත්තා නමින් චෛත්‍යයක්ද ඉදි කළ අතර ඒ හේමකුමාර මහතාගේ බිරිඳ වන නිලූශා ලක්මාලි මහත්මිය විසිනි.

 රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් වැය කර එය ඉදිකර ඇත. මේ වන විට පන්නල මාඔය අසබඩ ඇති වටිනා ඉඩම සාලවන සලිල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයට පූජාකොට එහි සැටරියන් සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් ඉදිවෙමින් පවතින අතර එයට රුපියල් කෝටි තුනහමාරක් පමණ වැය වනු ඇතැයි විශ්වාස කෙරේ. විවිධ පලාත්වල වෙහෙර විහාරස්ථානවලට විශාල දාන පරිත්‍යාග කරමින් මේ සුවිශේෂී සේවාව කරනු ලබන්නේ තමන්ගේ මිත්තනියට පින් පිණිස හා සමාජයේ සෙසු අයට ආදර්ශයක් දෙමිනි. මනම්පිටිය සෙවනපිටිය ශ‍්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ නව ඉදිකිරීම් කටයුතු සදහා ඒ වෙනුවෙන් ලොරි රඨ දෙකක්ද පරිත්‍යාග කර ඇත. හේමකුමාර මහතා දේශාභිමානී මානව හිතවාදී සමාජ සුබසාධන ගෞරව නාම වලින්ද පිදුම් ලබා ඇත.

 ඇඹිලිපිටිය – සේන වී. ගමගේ

 හේමකුමාර මහතා

advertistmentadvertistment
advertistmentadvertistment