සොඳුරු දිරියවන්ති කේශ පළඳනා පරිත්‍යාගය කුරුණෑගල හා අනුරාධපුර රෝහල්වලදී

193

2020 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ 75000කට අධික පිළිකා රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර ඉන් සියයට 57ක්ම කාන්තාවන් වේ. රසායනික චිකිත්සා ප්‍රතිකාරයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස හිසකෙස් ගැලවී යෑම මේ කාන්තාවන් මුහුණ දෙන එක් අභියෝගාත්මක අත්දැකීමකි.

සොඳුරු දිරියවන්ති ව්‍යාපෘතිය යටතේ පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාවන් සඳහා වාර්ෂිකව හිසකෙස් පළඳනා 6000ක් පරිත්‍යාග ඛිරීමට සැලසුම් කරයි. ඉන්දිරා පි’ළිකා භාරය. අලුත්ගම, බෙන්තොට හා ගල්කිස්ස සිංහ සමාජයන් සමග ඔක්ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පිළිකා රෝග විද්‍යාලයේ සහයෝගය සමගින් කුමාරිකා මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබයි. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලේදී සිදු කළ ප්‍රථම පරිත්‍යාගයෙන් පසුව 2021 නොවැම්බර් 23 සහ 24 දිනයන්හිදී පිළිවෙළින් කුරුණෑගල රෝහලට සහ අනුරාධපුර රෝහලට හිසකෙස් පළඳනා පරිත්‍යාග කරන ලදී.

කුරුණෑගල රෝහලේ පරිත්‍යාග උවස්ථාවට සම්බන්ධ වෙමින් (ඡායාරූපයේ වමේ සිට) ඉන්දිරා පිළිකා භාරයේ කණ්ඩායම් සාමාජිකයන් පරිත්‍යාගය ලබාගත් ඉනෝකා දඹදෙණිය මහත්මිය, වෛද්‍යරොෂාන් ගුණරත්න, පිළිකා රෝග ඵීශේෂඥ වෛද්‍ය ලීලා සිරිවර්ධන, පිළිකා රෝග ඵීශේෂඥ වෛද්‍ය ප්‍රගීත් වික්‍රමසිංහ, පිළිකා රෝග ඵීශේෂඥ වෛද්‍ය විදුර කීර්තිසිංහ, පිළිකා රෝග ඵීශේෂඥ වෛද්‍ය කෞෂල්‍ය දිසානායක, හෙද නිලධාරිනි පී. එස්. එස්. එන්. ධනරත්න මිය, සායනය භාර හෙද නිලධාරිනි ඒ. ආර්. එම්. ටී. සුවාහිර් යන මහත්ම මහත්මීන් එක් වූහ. සොඳුරු දිරියවන්ති ව්‍යාපෘතිය මගින් දිවයින පුරා පිහිටි තවත් ජාතික රෝහල්, මහ රෝහල්, මූලික රෝහල් සහ ශික්‍ෂණ රෝහල් කිහිපයකට හිසකෙස් පළඳනා 50 කාණ්ඩ පරිත්‍යාග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment