සොරණාතොට සභා වාර්තාව ගිනිබත් වෙයි

107

කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල  දෙමෝදර – කපිල  චන්දන කුරුප්පුආරච්චි හ හාලිඇල – විජේරත්න රත්නායක
 
 බදුල්ල සොරණාතොටප‍්‍රාදේශීය සභා මහ සභා රැුස්වීම සොරණාතොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති නදීෂා ප‍්‍රිශාන්ති දිසානායක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැති අතර එම ප‍්‍රාදේශීය සභා රැුස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්වූ අතර සභා වාර්තාව වැරදියයි පවසමින් සභාවේ මන්ත‍්‍රීවරු සභා වාර්තාව සභා ගැබ තුළම ගිනි තබා පුළුස්සනු ලැබූහ.
 
 එදින සභාවේ මහජන දිනයක් වුවද මෙම සභාව ආරම්භ වීමට ප‍්‍ර‍්‍රථම සභාවේ ගේට්ටුව වසා දමා මාධ්‍යවේදීන්ට ද ඇතුළු වීමට අවසර නොදී තිබූ අතර අවසානයේදී සභා රැුස්වීමට පැමිණි මන්තී‍්‍ර‍්‍රවරුන් හා මාධ්‍යවේදීන් එයට විරෝධය පෑමත් සමග සභා මුරකරුවකු පැමිණ මාධ්‍යවේදීන් සඳහා ප‍්‍රධාන දොරටුව විවෘත කෙරිණි.
 
 මෙසේ සභා වාර්තාව ගිනි තැබීමත් සමග සභාවේ සියලූම මන්ත‍්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ දැඩි උණුසුම් ලෙස වචන හුවමාරුවත් සමග සොරණාතොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති නදීෂා ප‍්‍රිශාන්ති දිසානායක මහත්මිය විසින් සභාව විනාඩි දහයකට කල් තබා සභා ගැබෙන් පිටවිය.
 
 පසුව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් පිරිසක් මාධ්‍යයට මෙම සභාවේ පවතින ගැටලූ පිළිබඳ අදහස් දැක්වූහ.
 
 මෙම ප‍්‍රාදේශීය සභාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව පිහිටුවා තිබෙන අතර මෙම මන්ත‍්‍රීවරුන් දහසය දෙනකුගෙන් සමන්විතය.
 

advertistmentadvertistment
advertistmentadvertistment