සොලෙක්ස් වෙතින් කතරගම, ගෝතමීගම ජනතාව සඳහා පිරිසිදු ජලය ලබාදීමේ සමාජ සත්කාරයක්

128

ජල පොම්ප කර්මාන්තය් ප‍්‍රමුඛතම සමාගමක් වන සොලෙක්ස් පසුගියදා කතරගම ගෝතමීගම ප‍්‍රදේශවාසීන් සඳහා පිරිසිදු ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී. මෙම සමාජ ව්‍යාපෘතිය සොලෙක්ස්හි තවත් එක සන්ධිස්ථානයක් වන අතර මෙම ගම්මානයේ වැසියන් සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකියාව මෙමගින් ලැබිණි.

ගෝතමීගම, කතරගම නගරයේ සිට කිලෝමීටර් 7ක් පමණ දුරින් පිහිටි දුෂ්කර ගම්මානයකි. එහි අඩු ආදායම්ලාභී පවුල් 500කට අධික සංඛ්‍යාවක් ජීවත් වෙති. මෙම ගම්මානයේ පිරිසිදු ජලය සඳහා ස්ථාවර ප‍්‍රවේශයක් නොති අතර දූෂිත ජලය පරිභෝජනය කිරීම සාමාන්‍ය සිදුවීමක්ව පැවතිණි. මෙම ව්‍යාපෘතිය සඳහා සොලෙක්ස් නල ළිඳක් සහ පාලන පුවරුවක් පරිත්‍යාග කර ස්ථාපනය කරන ලද අතර ය අතිශය වියළි ප‍්‍රදේශයක් බැවින් ස්වාභාවික ජල මූලාශ‍්‍රයක් සොයා ගැනීම සඳහා අඩි 200ක ගැඹුරක් කැණීමට සිදු විය.

සොලෙක්ස් සමූහ ව්‍යාපාර අධ්‍යක්‍ෂික වෛද්‍ය සඳිනි විජයසිරි මෙනවිය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර ඇය දිගු කලක් මුළුල්ලේ ගෝතමීගම ප‍්‍රජාවට ජලය සැපයීමේ හිඩැසක් දුටුවාය. මෙම ව්‍යාපෘතිය සිදු කරන ලද්දේ කොවිඞ් 19 වසංගතය දැඩිව පැතිර යන කාල පරිච්ෙඡ්දයක බැවින් එම ව්‍යාපෘතියේ සේවය කළ සියලූ ආයතිනක සේවකයන්ට එමගින් දැඩි අවධානම් තත්ත්වයක් පැවතුනි.

මෙම ජලය ව්‍යාපෘතිය වෛද්‍ය සඳිනි විජයසිරි මෙනවියගේ සුරතින් අභිනවාරාම විහාරස්ථානයේ නායක හිමිපාණන් වන පූජ්‍ය කපුගම සරණතිස්ස හිමිපාණන් සහ කිරිවෙහෙර විහාරස්ථානයේ අනුනායක හිමිපාණන් වන කැදැල්ලකැටියේ පේමරතන හිමිපාණන්ගේ ආශිර්වාදය මධ්‍යයේ ජනතා අයිතියට පත් කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment