සොහොනකින් ප‍්‍රචාරක කටයුතු ඇරඹුණු ‘ප‍්‍රාණ’

795

”සමාරා”, ”රෝසකැලේ” සහ ”ජූලි හතයි” තිරයට එක්කළ ප‍්‍රවීණ ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට අධ්‍යක්ෂ සංජය නිර්මාල් තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කළ, නවතම සිනමා වියමන වූ ” Seeds (සීඩ්ස්) – ප‍්‍රාණ” චිත‍්‍රපටියේ ප‍්‍රචාරක කටයුතු ආරම්භ කිරීම පසුගිය ජනවාරි 30 වන දින මන්නාරම් තෝට්ටවේලි හිදී සිදු විය. මෙය එළැඹෙන අප‍්‍රියෙල් මාසයේදී තිරගත වීමට නියමිතව ඇත.

1544 වසරේ දී ශී‍්‍ර ලංකාවේ සිදු වූ ඛේදනීයම සිදුවීමක් වූත්, අන්තවාදී දේශපාලන න්‍යාය පත‍්‍රයන් හේතුවෙන් සැ`ගවී ගියාවූත් මන්නාරම් මහා සංහාරය පදනම් කරගත් ”Seeds (සීඩ්ස්) – ප‍්‍රාණ” චිත‍්‍රපටියේ ප‍්‍රචාරක කටයුතු ආරම්භ කරමින් එහි යූ ටියුබ්, ෆේස්බුක් සහ ඉන්ස්ටග‍්‍රෑම් අඩවි සයිබර් අවකාශයට මුදා හැරීම මෙහිදී සිදු විය.

සොහොනකින් ප‍්‍රචාරක කටයුතු ඇරඹුණු 'ප‍්‍රාණ'

1544 සංකිලි රජුගේ දේශපාලන ස්ථාවරත්වය දෙදරීමේ භීතිය හේතුකොටගෙන පැන නැගී මරා දැමීම සඳහා වූ අණ, එකයායට හත්සීයක් ජනතාවගේ දිවිතොර කර මන්නාරමේ තොට්ටවේලි ගම්මානයේ පිටිවැල්ල ලෙයින් තෙත් කරවාලීය. මෙම සිද්ධිය පදනමේ පිහිටුවාගෙන පෘතුග‍්‍රීසින්ගේ අධිරාජ්‍යවාදී තුච්ඡු ආගම ප‍්‍රමුඛ කර ගත් දේශපාලනික සැලසුම් එක් පසෙකින් ද, එසේම ස්වකීය දේශපාලන උවමනාවන් නිසා බළ උන්මාදනීය සංකිලිගේ කුරිරු සැලසුම් අනෙක් පසෙකින් ද, ඒ මධ්‍යයේ සත්‍යාලෝකයේම පිහිටා සිටියා වූ මෙල්කියෝ නම් උදාරතර මිනිසාගේ දිවි පුවත පාදක කර ගත් ”Seeds (සීඩ්ස්) – ප‍්‍රාණ” චිත‍්‍රපටය කෙදිනක හෝ මරා දැමිය නොහැකි සත්‍ය ප‍්‍රඥා ප‍්‍රදීපයේ කතාව කියාපායි.

මෙම චිත‍්‍රපටයේ පළමු පියවර තබනු සඳහා, ඒ මිනිසුන්ගේ මළසිරුරු වළ දැමූ සොහොනින්ම ආරම්භ වීම සුවිශේෂී සිද්ධියකි. මෙම සුවිශේෂී අවස්ථාවේ දී , මෙම සිද්ධියට සාක්කි දරනු සඳහා එලෙස දිවි පිදූවන්ගේ ලේ උරුමයෙන් නැගී එන වර්තමාන පරම්පරාව සහභාගි විය.

සොහොනකින් ප‍්‍රචාරක කටයුතු ඇරඹුණු 'ප‍්‍රාණ'

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට සිංහල, ඉංග‍්‍රීසි සහ දමිළ භාෂා ත‍්‍රිත්වයෙන්ම එකවර තිරගත වීම අරඹන ”Seeds (සීඩ්ස්) – ප‍්‍රාණ” චිත‍්‍රපටය සඳහා රංගනයෙන් ටේ‍්‍ර හික්ස් , ශ්‍යාම් ප‍්‍රනාන්දු, දර්ශන් ධර්මරාජා, නීටා ප‍්‍රනාන්දු, නිරංජනී සන්මුගරාජා, කින්ග් රත්නම්, ස්ටීවන් මාර්ක් ලොඩ්සික්, රොබට් සියේරා, පීටර් සටනීටස්, දිනේෂ් ද සිල්වා, සෙනේෂ් බණ්ඩාර දිසානායක, කල්ප මුණසිංහ ඇතුළු විශාල රංගන ශිල්පීන් පිරිසක් දායකව ඇති අතර, කැමරා අධ්‍යක්ෂණයෙන් ස්ට‍්‍රයිනර් ඇඩම්ස්, කලා අධ්‍යක්ෂණයෙන් සහ ඇ`දුම් නිර්මාණයෙන් ධම්මික හේවාදුවත්ත, අංග රචනයෙන් බුවනෙක රණවක, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ශාන් අල්විස්, ශබ්ද ප‍්‍රයෝග සහ ශබ්ද සංකලනයෙන් ශෂින් ගිම්හාන් පෙරේරා, නිෂ්පාදන සැලසුම්කරණයෙන් සුනෙත් මාලිංග ලොකුහේවා, සහය අධ්‍යක්ෂණයෙන් ප‍්‍රියන්ත සමරකෝන්, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ගරු ඇන්තනී නිශාන් පියතුමා සම`ගින් රංජන් ප‍්‍රසන්න ද, සංගීත අධ්‍යක්ෂණයෙන් නදීක ගුරුගේ ද, විධායක නිෂ්පාදනයෙන් ගරු ප‍්‍රසාද් හර්ෂන් පියතුමා ද එක්වන ”Seeds (සීඩ්ස්) – ප‍්‍රාණ” ජානක පෙරේරාගේ නිෂ්පාදනයකි.” ජානක පෙරේරාගේ නිෂ්පාදනයකි.

ඇන්ටන් ජේ. ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment