‘සෝක සැනසුම් වේදනාවන්’ – ‘පාවේ වලා’ ලියූ ප‍්‍රවීණ ගීත රචක මීගොඩ විල්සන් සමු ගනී

508

මෙරට රසිකයන් අතර ඉතාමත් ජනපි‍්‍රය වූ ගීත රැසක් රචනා කළ ප‍්‍රවීණ ගීත රචක මීගොඩ විල්සන් මහතා වසර 78ක් ආයු වළඳා පෙරේදා (08 දා* අභාවප‍්‍රාප්ත විය.

ආචාර්ය වික්ටර් රත්නායක ගැයූ ‘සෝක සැනසුම් වේදනාවන්’, ‘පාවේ වලා ඈත කඳු බලා’, ‘සුවඳ හමන්නට’, ‘සිරිමා බෝ වැලි මලූවේ’, ‘ලෝ ජන රංජන’ මර්වින් පෙරේරා ගායනා කළ ‘අරුණ කිරණ සැලී සැලි හෙල දෙරණම පණ පෙවී’ ආදී ගීත රැසක රචකයා වූයේ ඔහුය.

කළුතර පයාගල මලේගොඩ ජන්මලාභය ලැබූ ඔහු බෞද්ධයකු වුව ද පයාගල පරලෝක රාජේශ්වරියගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය උත්සවයන් වෙනුවෙන් ඔහු විසින් රචනා කළ ‘මල් වියනක් සේ නිල්වන් අහසේ පායා’, චන්දන පුෂ්ප, ‘මිනි කිරුල දිලෙන තරු පායා’, හා ‘දීප දූත පුෂ්පයෙන් සුගන්ධ’ ආදී ගීතිකා අදත් ඉතා ජනපි‍්‍රය ගීතිකා වන අතර නිරතුරුවම ඒවා එම දේවස්ථානයේ ගායනා කෙරේ.

ඔහු ගායන ශිල්පී මර්වින් පෙරේරාගේ සමකාලීනයකු හා සමීප මිතුරෙකු විය.

රෝහිනි මොල්ලිගොඩ මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද මංජුලා හා තරිඳු පවිත‍්‍රා යන දියණියන්ගේ දයාබර පියාණන් වූද ඒ මහතා කුරුණෑගල බෞද්ධාලෝක මාවතේ පිහිටි තම දියණියගේ නිවසේ කලක් රෝගාතුරව සිට අභාවප‍්‍රාප්ත විය.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (08 දා* සවස කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදු කරන ලදී.

සටහන හා ඡායාරූප –
විජයසිරි විද්‍යාසේකර -කළුතර සමූහ

advertistmentadvertistment
advertistmentadvertistment