සෝමාවතිය වනෝද්‍යානයට අනවසරයෙන් රිංගූ හිටපු මන්තී‍්‍ර ඇතුළු 15 ක් දැලේ

161

බලපත‍්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ඇතුළුවී එහි රැුඳී සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ඇතුළු පුද්ගලයන් 15 දෙනකු පෙරේදා (18 දා)  සවස අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු කියති.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් ගල්රැුන්ද කොටසේදී වන අතර තමන් විනෝදවීම සඳහා එහි පැමිණි බව සැකකරුවන් ප‍්‍රකාශ කළ බව එම නිලධාරීහු කීහ.

අත්අඩංගුවට පත් සැකකරුවන් සියලූම දෙනා මැදිරිගිරිය සහ ඒ අවට පදිංචිකරුවන් බව අනාවරනයවී ඇති අතර මොවුන් අතර හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ද සිටින බව හෙළිවී තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා දැල් ආම්පන්න, පිහියා, විදුල පන්දම්, කූඩාරම් රෙදි, ආහාර පිසීම සඳහා රැුගෙන ආ වළං මුට්ටි ආදී උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගත් බව විමර්ශන සිදුකරන වනජීවී නිලධාරීහු පවසති.

සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිත බවත් එතෙක් ඔවුන් සියලූම දෙනා ශරීර ඇපමත මුදාහරිනු ලැබූ බවත් එම වනජීවී නිලධාරීහු පැවැසූහ. පොළොන්නරුව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව කලාපය භාර සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. ජී. කීර්ති චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් පරිදි එම කාර්යාලයේ වැටලීම් ඒකකයේ වනජීවී නිලධාරීහු කණ්ඩායමක් සහ සුංගාවිල වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීහු කණ්ඩායමක් එක්ව මේ වැටලීම සිදුකර ඇති අතර විශේෂ කාර්ය බළකායේ අරලගංවිල කඳවුරේ නිලධාරීන්ගේ සහාය ද ඒ සඳහා ලැබී තිබේ.

කරුණාරත්න ගමගේ සහ හිඟුරක්ගොඩ – අතුල සූරියබණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment