සෝම හිමි ගුණසමරුව අද වජිරාරාමයේ සිට සූම් තාක්ෂණයෙන්

221

ගංගොඩවිල සෝම හිමියන්ගේ 18 වැනි ගුණ සමරුව නිමිත්තෙන් සංවිධානය කරන විශේෂ සම්භාවනා සංකථනයක් බම්බලපිටිය සිරි වජිරාරාමයේ සිට සූම් තාක්‍ෂණය ඔස්සේ අද (12 දා) පෙරවරු 8.30 සිට විකාශය කෙරේ.

ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර, බෙරික්හි ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ නිර්මාතෘ ගංගොඩවිල සෝම හිමියන් සමරමින් මෙල්බර්න් නුවර ගංගොඩවිල සෝම මාහිමි සමරු පදනම මගින් මෙම සම්භාවනා සංකථනය සංවිධානය කර ඇත.

බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද, අමරපුර ධර්මරක්‍ෂිත නිකායේ මහ නාහිමියන්, කෝට්ටේ සන්තින්ද්‍රිය නාහිමියන්, මහරගම ධම්මසිරි නාහිමියන් සහ මහාචාර්ය අසංග තිලකරත්න, ඔස්ටේ‍්‍රලියාවේ බෞද්ධ සංකථන කේන්ද්‍රයේ සභාපති ප‍්‍රෑන්ක් කාටර් හා ජීන් ජයසිංහ යන මහත්වරු මෙහිදී දෙසුම් පවත්වති.

‘සෝම මාහිමි මෙහෙවර සුවපත් කිරීමේ උපායමාර්ග’ යන මැයෙන් මෙහි විශේෂ දෙසුම පවත්වනු ලබන්නේ ආචාර්ය ජයන්ත වත්තෙවිදානගේ මහතා විසිනි.

සමරු ගී ගායනය සඳහා විශාරද ජගත් වික‍්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාව එක්වීමට නියමිතය.

මෙම සම්භාවනා සංකථනය අවස්ථාවට 890 1897 2891 රැස්වීම් හැඳුනුම් අංකය (meeting ID) සහ 3456 යන මුරපදය (Passcode) සබැඳිය ඔස්සේ ඕනෑම අයකුට සහභාගි විය හැක.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/89018972891?pwd=b3FUNnliOXp2UnVhN2hZMjFmdlI3dz09


Meeting ID: 890 1897 2891
Passcode: 3456

advertistmentadvertistment
advertistmentadvertistment