සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න-ආදිවාසි නායක

281

කොරෝනා වසංගතය හේතුවෙන් උද්ගතව තිබෙන අර්බුදකාරී අවස්ථාවේ පිළියමක් වශයෙන් රට වසන්නැයි සෞඛ්‍ය අංශ, වෛද්යවරු හා විද්වතුන් ඉල්ලීමක් කරන්නේ නම් මේ අවස්ථාවේ රජය කළ යුත්තේ එම ඉල්ලීමට ඇහුම්කන් දෙමින් යම්කිසි කාලසීමාවකට හෝ රට වසා දැමීම බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසයි.
මහනුවර ඇසළ පෙරහැර මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහැර දින පෙර රජ දවස සිට සාම්ප්රදායිකව සිදුකෙරෙන මී පැණි පූජාව සඳහා සහභාගී වීමෙන් අනතුරුව ආදිවාසී නායකයා අද මාධ්ය හමුවේ ඉහත අදහස් පළ කෙළේය.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ආදිවාසී නායකයා මෙසේද කීය, මේක ස්වභාවධර්මයෙන් ලෝකයටම දීලා තියෙන දඬුවමක්,මේ වසංගතයට ජාති, ආගම්, පාට, පක්ෂ භේදයක් නෑ. ලෝකයේ ඕනෑම බලවත් රටක ඉහළම පුද්ගලයාගේ සිට පහළම පුද්ගලයා දක්වා මේ රෝගයේ අවදානමට අද ලක් වෙලා ඉන්නවා. අපේ ආදිවාසී පරම්පරාවේ පිරිසකටත් රෝගය වැලඳිලා කියලා අපට දැනගන්නට ලැබී තිබෙනවා. මේ කාලයට අපේ අයට කැස්ස උණ වැනි රෝග හැදෙනවා. ඒ අයට හැදිලා තියෙන්නේ මේ සාමාන්යයෙන් හැදෙන රෝග තත්ත්වය ද එසේ නැත්නම් කොරෝනා රෝගය ද කියලා අපට තවමත් නිශ්චිත නෑ.

advertistmentadvertistment
advertistmentadvertistment