සෞඛ්‍ය අමාත්‍යාංශය අනුන්ගේ කුලීත් ගෙවලා

164

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් බදු පදනම යටතේ ලබාගත් ගොඩනැගිල්ලක තක්සේරු වාර්තාවේ ගොඩනැගිල්ලේ අලුත්වැඩියාව හා වරිපනම් බදු ගොඩනැගිල්ලේ හිමිකරු විසින් දැරිය යුතු බව සඳහන් කර තිබුණ ද ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා ගොඩනැගිල්ලේ නඩත්තුව වෙනුවෙන් රුපියල් 20,830,293ක මුදලක් ගොඩනැගිලි හිමිකරුට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී ගොඩනැගිල්ල කුලියට ලබාගත් 2018 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිදා සිට 2021 දෙසැම්බර් 31 වැනිදා දක්වා වසර 03ක් හා මාස 05ක කාලයක් සඳහා මෙම මුදල ගෙවා ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. ගොඩනැගිල්ලේ නඩත්තු වෙනුවෙන් ගෙවන ලද මුදලට අමතරව මෙකී ගොඩනැගිල්ල සඳහා (2020 අගෝස්තු මස 01 දින සිට 2021 දෙසැම්බර් මස 31 දක්වා) වසරකුත් මාස 05ක් සඳහා බදු කුලී වශයෙන් රුපියල් දාහත්කෝටි හැත්තෑපන්ලක්ෂ විසිදහස් හයසිය දොළහක මුදලක් ගෙවා ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. එමෙන්ම තක්සේරු වාර්තාවේ සඳහන් මාසික තක්සේරු කුලිය ඉක්මවා ගොඩනැගිල්ල බදු පදනම මත ලබාගත් පළමු වර්ෂය සඳහා පමණක් රුපියල් හාරකෝටි හතළිස් හයලක්‍ෂ දසදහසක් වැඩිපුර කුලී ලෙස ගෙවා ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සතු ගොඩනැගිලි ප්‍රමාණවත් නොවීම නිසා බදු පදනම මත ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 ලිපිනයේ පිහිටි මෙකී ගොඩනැගිල්ල කුලියට ගෙන තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment