සෞඛ්‍ය ඇමැතිගෙන් විපක්ෂ නායකට ක්ෂණික පිළිතුරක්

239



රජයේ රොහල්හි විශේෂඥ වෛද්‍යවරුන් මේ වන විට 2385ක් සේවය කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.ඇමැතිවරයා එසේ පැවසූවේ විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසූ රජයේ විශ්‍රාම යාමේ වයස 60 බවට තීරණය කිරීමත් සමග විශේෂඥ වෛද්‍යවරුන් 300ක් එක දිනකදී විශ්‍රාම ගොස් ඇති බවට කළ ප්‍රකාශයට ක්ෂණික පිළිතුරක් ලබා දෙමිනි. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ තොරතුරු වලට පදනම් වී ඇත්තේ එක් පාර්ශවයක් විසින් ලබාදී ඇති වාර්තාවක් බවත් එය තමාටත් ලැබී ඇතැයිද සෞඛ්‍ය අමැතිවරයා පැවසීය.එනිසා අනෙක් පාර්ශවයේ වාර්තාවද ලබාගෙන විමසා බලන ලෙසද කීවේය. රටේ ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් එය ක්‍රියාත්මක කිරීමට දේශපාලන අරමුණුවලින් තොරව සහාය දිය යුතු බවත් සෞඛ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment