සෞඛ්‍ය උපදෙස් වෙනුවට දහජරාවක් පෙන්වලා!

567

මෙම රෝහල රජයේ රෝහලකි. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි මෙකී රෝහලට දිනකට අති විශාල රෝගීන් පිරිසක් බෙහෙත් හේත් ගැනීමට එති යති.රෝහලේ එක් බාහිර රෝගී ප්‍රතිකාර අංශයක රූපවාහිනි යන්ත්‍ර සවිකර ජනතාවට වැළඳෙන රෝග හා ඒවායෙන් ආරක්‍ෂා වන සෞඛ්‍ය උපදෙස් අඩංගු වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමට රෝහල් පරිපාලනය පියවර ගත්තේ හේතු ඇතිවය.රෝගීහු පුටුවල වාඩිවී වාරය එනතුරු බලා සිටින්නේ රූපවාහිනි යන්ත්‍ර දෙසය.

මෙදින සෞඛ්‍ය උපදෙස් අඩංගු පෙන්ඩ්‍රයිව් එක බාරව කටයුතු කළේ හෙදියකි.

ඇය “පෙන්ඩ්‍රයිව්” එක ගෙන පරිගණකයට ඇතුළත් කළේ කාමරය ඇතුළේ සිටය.බාහිර රෝගී අංශයේ සෙසු රෝහල් කාර්ය මණ්ඩලයත්, රෝගීහූත් කලබල වූහ.

“මොකක්ද මේ කළේ”

‘ඇයි සර්’ අදාළ වීඩියෝ බාරව සිටි හෙදිය විමසුවාය.

“තමුන් දාලා තියෙන්නේ කුණු හරප වීඩියෝ” පරිපාලන නිලධාරියා වහා පෙන්ඩ්‍රයිව් එක ගලවා දැමීය.

“සර්… මම දන්නේ නෑ සර්, කවුරු හරි මාව අමාරුවේ දාන්න කරපු කැත වැඩක් මේක” හෙදිය හඬාවැළපෙමින් කියා සිටියාය.

ප්‍රේම්.

advertistmentadvertistment
advertistmentadvertistment