සෞඛ්‍ය රසායනාගාර ද‍්‍රව්‍ය හිගයක්

135


සමාගම් විසින් සැපයුම් සීමා කිරීම නිසා රජයේ රෝහල්වල රසායනාගාර පරීක්ෂණ, සී ටී ස්කෑන් , එම් ආර් අයි ස්කෑන් පරීක්ෂණ, අත්‍යවශ්‍ය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර, කුඩා දරුවන්ගේ ඔක්සිජන් සැපයුම සදහා භාවිත කරනු ලබන විශේෂිත වෙන්ටිලේටර් යන්ත්‍ර ඇතුළු සියළු වෙන්ටිලේටර් යන්ත්‍ර සදහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය හා ප්‍රතික්‍රීයක සපයා ගැනීම මේ වන විට අපහසු වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රතික්‍රියක හා රසායන ද්‍රව්‍ය සපයන සමාගම්වලට ගෙවීමට ඇති රුපියල් බිලියන 10ක ණය මුදල හේතුවෙන් අදාළ සමාගම්වලට දැරිය හැකි ණය සීමාව ඉක්මවා ගොස් ඇති නිසා තවදුරටත් සැපයුම් කිරීම අත් හිටුවීමට හෝ නොඑසේනම් සමාගම් වසා දැමෙන තත්වයට පත්ව තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ඔහු කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment