සෞඛ්‍ය වෘත්තීය  සමිති 18 ක් 02 සහ 03 දා  යළි සටන අරඹයි

150

සෞඛ්‍ය ඇමැතිවරයා එකඟ වූ ඉල්ලීම් සඳහා ද මෙතෙක් විසඳුමක් නොලැබීම නිසා තාවකාලිකව නවතා දැමූ වෘත්තීය සමිති 18 ක වැඩ වර්ජනය නැවත මාර්තු 02 හා 03 යන දිනයන්වල දිවයිනේ සියලූම රෝහල්වල සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ඊයේ (27 දා) පැවසීය.

වැඩ වර්ජනය සිදුකරන මෙම දින දෙක ඇතුළත ද විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් මාර්තු 10 වැනිදායින් පසුව එළඹෙන ඕනෑම දිනකදී නැවත නොදන්වා අඛණ්ඩ වර්ජනයක් යළි ඇරඹීමට සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙන බව ද ඔහු කීය.

ශ‍්‍රී ලංකා සුදුසුකම් රාමුවට ගැළපෙන පරිදි පරිපූරක වෛද්‍ය හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හි වැටුප් විෂමතාව ඉවත් කිරීම, අමාත්‍ය මණ්ඩල අනුමත කර ඇති පරිදි 5/7 උසස්වීම් සඳහා චක‍්‍රලේඛය නිකුත් කිරීම හා එය පෙරදාතම කිරීම, පරිපූරක වෛද්‍ය අතුරු වෛද්‍ය හා හෙද සේවා සඳහා අධ්‍යක්‍ෂ තනතුරු සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර ඇති කිරීම, අතිකාල හා වසර 23 කින් වැඩි නොකළ නිදර්ශක දීමනා වැඩිකිරීම සඳහා එකඟ වූ පරිදි කටයුතු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකටම විසඳුම් ඉල්ලා මෙම වැඩවර්ජනය සිදුකරන බව ද ඔහු කීය.

චමින්ද සිල්වා, ඒමන්ති මාරඹේ

 

advertistmentadvertistment
advertistmentadvertistment