සෞඛ්‍ය සේවක වර්ජනය අත්හිටුවයි

83

සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම (ඩැට් දීමනාව) ප්‍රමාද කිරීමට එරෙහිව විරෝධය පළ කරමින් අද (28දා) සිට දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අයහපත් කාලගුණික තත්ත්වය නිසා අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ඊයේ (27දා) පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට පැමිණි බව එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ට පැවසීය.

තාවකාලිකව නතර කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන සතියේ ක්‍රියාත්මක කරන බවත්, එය බොහෝ විට දින දෙකක අඛණ්ඩ වර්ජනයක් විය හැකි බවත් සඳහන් කළ ඒ මහතා ඒ පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා (30දා) තීරණය කරන බවද සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment