සෞඛ්‍ය සේවාව වසාදැමීමේ මෙහෙයුමක් ගැන චෝදනා

125


මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය නිලධාරීන් සඳහා පමණක් හමුදා මධ්‍යස්ථානවලින් ඉන්ධන සැපයීමට පියවර ගෙන තිබීම සෞඛ්‍ය සේවාව වසා දැමීම සදහා සිදුකරන මෙහෙයුමක් විය හැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි .

වෛද්‍ය නිළධාරීන් සදහා පමණක් හමුදා මධ්‍යස්ථානවලින් ඉන්ධන සැපයීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ඉහළ පාර්ශවයන් අතර එකඟත්වයක් ඇති කරගෙන ඇති බවත් සැපයුම් පද්ධතිය මුළුමනින්ම අඩාල වී ඇති සෞඛ්‍ය සේවාව මේ වනවිටත් පවත්වා ගනිමින් සිටිනුයේ සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සමගිය, බැදීම හා කැපවීම මූලික කර ගනිමින් වන බව අමතක නොකළ යුතු බවත් ඔහු කීවේය .

advertistmentadvertistment
advertistmentadvertistment