සෞඛ්‍ය හා රාජ්‍ය පරිපාලන ලේකම් ගැන මානව හිමිකම් විමර්ශන

84

රාජ්‍ය නිලධාරීන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරමින් චක්‍රලේඛ නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වගඋත්තරකරුවන් කරමින් මානව හිමිකම් කොමිසම විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අදහස් ප්‍රකාශ කිරීමට පවතින අයිතිය රාජ්‍ය නිලධාරීන්ට ද ඒ අන්දමට ම පවතින බව සඳහන් කරමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් නීතිඥයන් මාර්ගයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට නිකුත් කරන ලද පැමිණිල්ලකට අනුව මේ අන්දමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වගඋත්තරකරුවන් කරමින් ඔවුන් විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කොට ඇත.

රාජ්‍ය නිලධාරීන් රාජ්‍යයේ යහපත උදෙසා අදහස් ප්‍රකාශ කරමින් ආණ්ඩුවක් විවේචනය කිරීමට පවතින අයිතිය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ චක්‍රලේඛවලින් ලඝු කිරීම රටේ බදු මුදල් ගෙවන මහජනතාවට සිදුවන අගතියක් බව සඳහන් කරමින් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment