සෞඛ්‍ය ඇමැති අස්වෙන්නේ හදයි

548

වර්ජනයේ නිරත වෛද්‍යරුන්ගේ ඉල්ලීම් දෙස බැලූ විට ඔවුනට කිසිදු අසාධාරණයක් සිදුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අධාරණය කරයි.අසාධාරණයක් සිදුව ඇති බව පෙන්වීමට හැකි නම් එය නිවැරදි කිරිමට සෞඛ්‍ය අංශ කිසිදු අයුරකින් පසුබට නොවන බවද ඒ පිළිබද සාකච්ඡා කිරිමට ඕනෑම මොහොතක සූදානම් බවද අමාත්‍යවරයා පවසයි.‌වෛද්‍ය ‌වැඩ ‌වර්ජනය පිළිබද මාධ්‍ය‌ ‌වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.‌වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයන්, මාරවීම්, උසස්වීමි වැනි කිසි දේකට දේශපාලන මැදිහත්වීමක් නොමැති බවද පැහැදිලිව ප්‍රකාශ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.දේශපාලන මැදිහත්වීම් මත මේ දේවල් සිදු‌‌ව ඇති බවටත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමා මේ සදහා මැදිහත්‌ව ඇති බව කවුරුන් හෝ පවසන්නේනම්, ඒ බව පෙන්වීමටම කටයුතු කරන්නේනම් තමන් ඕනෑම මොහොතක ඉල්ලා අස්වෙන්නත් සූදානම් බව හෙතෙම කීය.

advertistmentadvertistment
advertistmentadvertistment