සෞඛ්‍ය උපදෙස් කඩ කරන අය අල්ලන්න පොලිසියේ 15,000 ක් අද සිට මහ පාරට

94

උත්සව සමයේ සාප්පු සවාරිවල හා වෙනත් අවශ්‍යතා සඳහා කොළඹ නගරය ඇතුළු දිවයිනේ අනෙකුත් නගර වෙත පැමිණෙන ජනතාව නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නේදැයි සොයා බැලීමට සහ ජනතාවගේ ආරක්ෂාව උදෙසා පොලිස් නිලධාරීන් පහළොස් දහසකට (15,000) අධික පිරිසක් අද (20 වැනිදා* සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට පැවසීය.

පොලිස් නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් සැරසුණ නිලධාරීන් මේ අතර සිටින බව ද හෙතෙම කීය.

මෙම නිලධාරීන්, නගරවල බස්නාහිර පළාත් මාර්ග බාධකවල, රථවාහන රාජකාරීවල, බුද්ධි ආවේක්‍ෂණ කටයුතුවල, බීමත් රියැදුරන්, මත්කුඩු ජාවාරම්කරුවන්, ගැටකපන්නන් හා වරෙන්තුකරුවන්, අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවන බව ද ඒ මහතා කීය.

උත්සව සමයේ සාප්පු සවාරියක යෙදීමේදී නිවැරැුදිව මුඛ ආවරණ පැළඳ, මීටරයක දුරස්ථභාවය තබාගෙන සිය අවශ්‍යතා සපුරා ගන්නා ලෙස ද තම මුදල් පසුබිම්, වටිනා රන් ආභරණ ඇතුළු දෑ පිළිබඳවද සැලකිලිමත් වෙමින් අවශ්‍යතා සපුරා ගන්නා ලෙස ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සාප්පු සවාරිවල යෙදෙන අවස්ථාවලදී සැක කටයුතු පුද්ගලයින් මහමඟ රැුඳී සිටින්නේ නම් ඒ ගැන 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දෙන්නැයිද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment