සෞඛ්‍ය උපදෙස් හා පොලිස් දැනුම්දීම නොතකා යාපනයේ ගුරුවරු පෙළපාලියක

103

සෞඛ්‍ය නිලධාරීන්ගේ හා පොලිසියේ දැනුම්දීම නොතකා යාපනයේ ගුරුවරු පන්සීයකට වැඩි පිරිසක් පෙරේදා(09දා* යාපනය නගරයේ පෙළපාලි ගියහ.

 ගුරු වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතා පෙළපාලියක ගමන් කළ ගුරුවරුන්ට එය නතර කරන ලෙස පොලිසිය හා සෞඛ්‍ය නිලධාරීන් දැනුම් දුන් අවස්ථාවේදී ගුරුවරුන් පොලිසිය සමගද බහින් බස් වෙමින් විරෝධතා පෙළපාලිය දියත් කොට තිබේ.

සෞඛ්‍ය උපදෙස් හා පොලිස් දැනුම්දීම නොතකා යාපනයේ ගුරුවරු පෙළපාලියක

යාපනය නගරයෙන් ආරම්භ වූ මෙම විරෝධතා පෙළපාලිය යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කළේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment