සෞඛ්‍ය උපදේශන කාරක සභාවක් කැඳවන්න – රනිල් මැතිසබයේදී කියයි

344

පවතින ‘කොවිඞ්’ ව්‍යාප්තිය වෙනුවෙන් එම රෝගීන්ගෙන් මේ වනවිට රෝහල් පිරී ගොස් තිබෙන බැවින් වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැුස්වීමක් කැඳවන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

 එහිදී අදහස් දැක්වූ රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය. ඊයේ සවස මට දුරකථන ඇමැතුම් කිහිපයක් ආවා මේ කොවිඞ් ව්‍යාප්තිය ගැන. රෝහල් දැන් පිරිලා තිබෙන්නේ. අපට බැරිද අධ්‍යක්‍ෂතුමියට කියලා උපදේශක කාරක සභාව කැඳවලා මේ ගැන වැඩපිළිවෙළක් සකස් කරන්න. හැම රෝහලක්ම දැන් රෝගීන්ගෙන් පිරිලා තියෙන්නේ.

 සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා:- රනිල් වික‍්‍රමසිංහ මන්ත‍්‍රීතුමා කියන කාරණය සම්බන්ධයෙන් ඇමැතිතුමියට කියලා උපදේශක කාරක සභාව කැඳවීම ගැන අද දවස ඇතුළත පිළිතුරක් ලබා දෙන්නම්.

advertistmentadvertistment
advertistmentadvertistment