සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ දූෂණ ඇතැයි යූ ටියුබ් නාලිකාවකට හෙළි කළැයි – විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද CIDය හමුවට

207

සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ මේ වන විට සිදුවී ඇති බව කියන බරපතළ වංචා, දූෂණ, අක‍්‍රමිකතා සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ සිදුකළ හෙළිදරව්වක් පිළිබඳව ප‍්‍රශ්න කිරීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද (31 වැනිදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී අයි ඞී) වෙත කැඳවා ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඊයේ වෛද්‍ය ජයවරුන් බණ්ඩාර මහතා මුණගැසී මේ පිළිබඳව දැනුම්දී ඇති අතර ඒ මහතා අද පෙරවරු 8.30 ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

කොරෝනා පරීක්‍ෂාව සඳහා යොදාගන්නා ඇන්ටිජන් කට්ටල ගෙන්වීම සහ එම පරීක්‍ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් බරපතළ ගැටලූවක් පවතින බවත් ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යන ආයතන තුළ වංචා, දූෂණ සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශවීම සම්බන්ධයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පසුගියදා මහත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබිණි.

මේ අතර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙම සාකච්ඡුාවේදී සිදුකරන ලද ඇතැම් ප‍්‍රකාශ සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක්ද පැවැත්වීමට සූදානමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

කොරෝනා මර්දනය ඇතැම් පුද්ගලයන් විසින් ජාවාරමක් කරගෙන සිටින බවට ද ඒ මහතා මෙම සාකච්ඡුාවේදී හෙළිදරව් කර තිබිණි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment