සෞඛ්‍ය පමණක් නොව ආහාර සුරැකුමත් බිඳදමලා

108

පවතින කොවිඞ් තත්ත්වය තුළ වෙනත් රටවල් සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප‍්‍රමුඛත්වය ලබාදී ඇතත් මෙරට එම කරුණු දෙකම දුර්මුඛ කොට අවශේෂ ලෙස පසෙකට දමා ඇතැයි විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි.

ආහාර සුරක්ෂිතතාතවය අන් කවරදාටත් වඩා සුවිශේෂී වී ඇතත්, මේ වනවිට ආහාර නිෂ්පාදනයේ ප‍්‍රමුඛයා වන ගොවියා සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කොට ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙහි ඛේදවාචකය වනුයේ අහිංසක ජනතාවට මෙහි දුර්විපාක විඳීමට සිදුවීම බව කියා සිටින විපක්ෂනායකවරයා, රටේ ජනතාවගේ නාමයෙන් ගොවි ජනතාවගේ ප‍්‍රශ්න කෙරෙහි සංවේදී වන්නැයි ද සඳහන් කරයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment