සෞඛ්‍ය බලධාරීන් ඇස නොගැටුණු අච්චුවේලිවල අවමඟුලට 500යක්

471

* උත්සවවල පිරිස් උන්මාදය නතර කිරීමට  පියවර ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

යාපනයේ අච්චුවේලී ප‍්‍රදේශයේ ඉකුත් (04දා) පැවති අවමංගල උත්සවයකට පුද්ගලයින් 500 කට වඩා වැඩි පිරිසක් සහභාගී වී ඇතත් එම තත්ත්වය නවතා දැමීමට කිසිදු අයෙකු කටයුතු කොට නොමැත.

යාපනයේ අච්චුවේලී ප‍්‍රදේශයේ ලංගම බස් රථ රියදුරෙකු අකුණු සැර වැදී මියයාමෙන් පසුව ඔහු සමග සේවය කළ සහෝදර සේවකයින් හා ගම්වාසීන් එක්ව විශාල අවමංගල පෙරහැරක් සංවිධානය කොට තිබිණි.

සංචරණ ඇඳිරි නීතිය මැද පැවති මෙම අවමංගල උළෙලට කුඩා දරුවන් පවා සහභාගී කරවා ගෙන ඇත්තේ සියලූ‍ම සෞඛ්‍ය නීති උලල්ංඝනය කරමිනි. අවමංගල පෙරහැරේ ගමන් කළ පිරිසෙන් කොටසක් බෙර වයමින්ද ගොස් තිබේ.

පසුගිය සතියේද යාපනයේදී මෙවැනිම අවමංගල උළෙලක් පැවති අතර ඊට 200 ක් පමණ දෙනා සහභාගී වී සිටියහ.

අවමංගල උත්සවවලදී, මංගල උත්සවවලදී හා කෝවිල් උත්සවවලදී යාපනයේ ජනතාව තුළ ඇති වී තිබෙන මෙම උන්මාදය වහාම නතර කරවීමට පියවර ගන්නා ලෙස යාපනයේ සෞඛ්‍ය නීති රීති අනුගමනය කරන ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment