සෞඛ්‍ය බලධාරීන් රට වහන්න කියද්දී එය නොකරන්නේ කාගේ තීරණයක් නිසාද

191

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බලධාරීන් ආණ්ඩුවට බල කරනවා කරුණාකර රට ලොක්ඩවුන් කරන්න කියලා ඒ නොකරන්නේ මොන හේතුවෙන් නිසාද කාගේ තීරණය ක් නිසාද කියා ආණ්ඩුවෙන් අහනවා යැයි විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (10 දා* පැවති මාධ්‍ය හමුවේදී ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.

 මේ වන විට අපි දන්නවා බොහෝ දෙනෙක් මේ වනවිට ආසාදිතයන් බව. එම අයට රෝහල් පහසුකම් ලබා ගැනීමට නොහැකි තත්ත්වයට පත්වෙලා ආණ්ඩුව මුලින් කිව්වා අපේ රටට නිරෝධායන මධ්‍යස්ථාන අවශ්‍ය නැහැ කිව්වා, මුව ආවරණ අවශ්‍ය නැහැ කිව්වා, පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කරන්න අවශ්‍ය නැහැ කිව්වා. මේ වනවිට කනගාටුදායක තත්ත්වයකට පත්වෙලා අද රෝහල්වලට ඇ`දක් පෞද්ගලිකව මුදල් දීලා ලබාගන්න නොහැකි තත්ත්වයට පත්වෙලා. රජයේ රෝහල් ධාරිතාවය ඉක්මවා ගිහිල්ලා. මිනිසුන් ඉන්නේ කාඞ්බෝඞ් උඩ, පත්තර කොළ උඩ. ඒ පහසුකම් කිසිවක් ලැබෙන්නේ නැහැ. මරණ සංඛ්‍යාවත් මේ වන විට ඉතාම වැඩියි. ආදාහනාගාරවලටත් ලයිස්තුවක් තිබෙනවා. අද මිනී ටික පුච්චන්න බැරි වෙලා තිබෙනවා. අද ආදාහනාගාරය කැඩිලා ඒ තරමටම මරණ පුච්චලා අද ආදාහනාගාර වලට පොරොත්තු ලේඛණ තිබෙනවා. එන්න එන්නම මරණ වැඩිවෙලා. ආසාදිතයන් සංඛ්‍යාව එන්න එන්නම වැඩියි. මෙවැනි තත්ත්වයකදී සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බලධාරීන් ආණ්ඩුවට බල කරනවා කරුණාකර රට ලොක්ඩවුන් කරන්න කියලා. එහෙම නොකරන්නේ මොන හේතුවෙන් ද කාගේ තීරණයක්ද කියා ආණ්ඩුවෙන් අහනවා. ඔබ දන්නවා කදජනාදඅබ එක කළ යුතුව තිබුණේ සති කිහිපයකට පෙරයි. අද පී.සී.ආර්. පරීක්ෂණ කරන්න බැරි තත්ත්වයට පත් වෙලා. අවශ්‍ය නම් මට පුද්ගලිකව කරගන්නත් බැහැ. ඒවා සම්පූර්ණ නතර වෙලා. ඇන්ටිජන් පරීක්ෂණ නතර වෙලා. සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ට කිව්වම රජයේ බලපෑම් තිබෙන බව කියවෙනවා. මෙහි හොඳම කාරණාව තමයි 2021 මැයි මාසයේ සිට කරපු පරීක්ෂණ සියල්ලගෙන්ම රෝගීන් හමුවෙන ප‍්‍රතිශතය වැඩි නමුත් ලොක්ඩවුන් කරන්නේ නැහැ. අද පරීක්ෂණ අඩුවෙන් කරන්නේ එම නිසා ඩෙල්ටා ප‍්‍රභේදය තවත් වැඩි වෙලා. කරුණාකරලා මේ වෙලාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ක‍්‍රියා කළ යුතුයි. ඔවුන් කියන්නේ රට ලොක්ඩවුන් කරන්න කියලා. එයට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි. ඒ වගේම පී.සී.ආර්. පරීක්ෂණ කරන්න තිබෙන අවශ්‍යතාව ජනතාවට ලබාදෙන්න යම් පුද්ගලයෙක් කැමතිනම් පුද්ගලික රෝහලේ කරගන්න අවස්ථාව ලබාදිය යුතුයි. ඒ වගේම පී.සී.ආර්. පරීක්ෂණවල අසාධාරණ ලෙස මිල ගණන් වැඩි කරලා රුපියල් 8,500ක් 9000ක් වෙනවා. එක ගෙදරකට වැළ`දුනොත් මුළු ගෙදරටම පී.සී.ආර්. පරීක්ෂණ කරන්න වෙනවා. හතර දෙනෙක්ට කරන්න රුපියල් 30000 කට අධික මුදලක් වැය කරන්න වෙනවා. මේ වෙනුවෙන් තමයි රජය මැදිහත්වී සහනයක් ලබා දිය යුත්තේ. පී.සී.ආර්. පරීක්ෂණ වැඩි ප‍්‍රමාණයක් කළාම තමයි ආසාදිතයන් හඳුනාගත හැක්කේ. දැන් මේ ආණ්ඩුව හොඳටම අනාගෙන තිබෙන්නේ. රටේ මේ ඇතිවෙලා තිබෙන තත්ත්වයට දේශපාලන අධිකාරිය මේ සියල්ලටම වගකීම භාරගත යුතුයි. මේ වන විට 5222 මියගිහින් තියෙනවා. ඊයේ දින

 100 ට වැඩි වුණා. අපි දන්නවා එය දෙසීයක් වෙන්න පුළුවන්. ආසාදිතයන් තුන්දාහක් නෙමෙයි දහදාහක් වෙන්න පුළුවන්. එය තමයි යථාර්ථය. කරුණාකරලා සාමාන්‍ය තත්ත්වයට පත්කර ගන්න තිබෙන එකම විස`දුම ලොක්ඩවුන් කිරීම. එහිදී පැතිරීම වළක්වාගත හැකියි. ඒ වගේම එන්නත්කරණය වේගවත්ව සිදුකළ යුතුයි.

 මේ අවස්ථාවේ රටේ ජනතාව ඉතාම අපහසුතාවෙන් ජීවත් වෙන්නේ එම අයට යම් සහනයක් අඩු ආදායම්ලාභීන්ට ලබාදීමයි. රජයේ වගකීමක් හිතක් පපුවක් නැති විදියට කටයුතු කරන්න එපා. රජය මේ සඳහා මැදිහත් විය යුතුයි. භාණ්ඩ මිල වැඩි වීම

 ගැන අවධානය යොමු කළ යුතුයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින වැඩිවෙනවා. කනගාටුයි කියන්න කීරි සම්බා මේ වෙනකොට රුපියල් දෙසීයට වැඩි වෙලා. කැකුළු හාල් නාඩු හාල් සියල්ල මිල වැඩියි. ඒ වගේම තමයි දින කිහිපයක සිට සීනි මිල ඉතාම වැඩියි. අපිට තේරෙන්නෑ බදු වල මිල අඩු කළාට පස්සේ කොහොමද මෙසේ මිල වැඩි වෙන්නේ කියලා. බදු සහන ඇතිව ආනයනය කර සීනි අලෙවි කරන්නේ අධික මුදලකට. මෙහි කුමන්ත‍්‍රණයක් තියෙන බව පෙනී යනවා. මේ කරන්නේ අධික ලාභයක් ආයතනවලට ලබා දීමයි. සැමන්, පරිප්පු, කඩල, පොල් තෙල්, මිරිස්, සුදු ලූනු, හාල් මැස්සෝ සියල්ල මිල දරා ගන්න බැරි තැනක තිබෙන්නේ. මේ ආණ්ඩුවට යුතුකමක් වගකීමක් තියෙනවා මේ සඳහා මැදිහත් වී මිල පාලනය කර ජනතාවට සහන ලබා දෙන්න.

 වෙළෙඳපොළ කිරිපිටි හි`ගය නිසා ආණ්ඩුව කිරිපිටි බොන්න එපා ඒවා දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකරයි කියලා කියන්න ඉඩ තිබෙනවා.

 ගෑස් හි`ගයටත් ආණ්ඩුව කියයි දර වලින් උයන්න ගෑස් ශරීරයට අහිතකරයි කියලා.

 බඩුමිල ඉහළ යෑම නිසා ජනතාවට සියදිවි හානි කරගන්න සිදු වෙලා.

 එන්නත්කරණය සිදුවූවත් ආණ්ඩුව එය ඇනවුම් කරන්න පහුවුණා. මුලින් කළේ පැණි පස්සේ යෑම හා පාලම් උඩින් කලගෙඩි අත හැරීමයි. ඒවා නොකළා නම් මේ වනවිට එන්නත සියල්ලටම ලබා දෙන්න තිබුණා.

 අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක මහතා –

 මේ රටේ තිබෙන තත්ත්වය අනුව රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් වගකිව යුතු විපක්ෂයක් විදියට යුතුකම කාර්ය වගකීම් අනිවාර්යෙන්ම ඉටු කරනවා. අපි රටට ආදරෙයි. එම නිසා තමයි කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ, අවශ්‍ය යෝජනා ලබා දෙන්න අපි කැමති. අපි දැක්කා මාධ්‍ය හරහා රජයේ එන්නත් කිරීමේ වැඩපිළිවෙළ. අපි කැමතියි සියලූම ජනතාව නිවැරදි ප‍්‍රමිතියකින් එන්නත්කරණය ලබාදෙන්න. ඒ පිළිබඳව විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවෙත් කතා කළා. එහිදී එතුමා කියා සිටියා වයස 12න් ඉහළ දරුවන්ට එන්නත් ලබා දී පාසල් විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්න කියලා. එසේ විවෘත කිරීමට පෙර එම අවශ්‍ය එන්නත්කරණය සිදු කරන මෙන් ඉල්ලා සිටිනවා.

 අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment