සෞඛ්‍ය මාර්ගෝපදේශ සෙල්ලමට ගත්තොත් තවත් කොවිඞ් රැල්ලක්

162

යම් සීමාවන්ට යටත්ව ලිහිල් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනතාව විසින් ලිහිලට ගතහොත් මේ භයානක කොවිඞ් රැලි ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ ට ඊයේ (14 දා* ප‍්‍රකාශ කළේය.

රට සාමාන්‍යකරණයට යෑමේ පියවරක් ලෙස කොවිඞ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙලෙස ලිහිල්කරණයට ලක්කර ඇතත් නිසි නියාමනයකින් තොරව එය සිදු කරන්නේ නම් ඉදිරි ප‍්‍රතිඵල භයානක විය හැකි බවද වෛiවරයා සඳහන් කළේය.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සිතා බලා ගත් යම් සාධනීය පියවරක් වුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පිටුපා සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ලෙස කටයුතු කළහොත් රට නැවත ඇ`ගුළු වැටීම වැළැක්විය නොහැකි බවද වෛiවරයා සඳහන් කළේය.

කොවිඞ් සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමත් සම`ග ලොව රටවල් රැසක් සාමාන්‍යකරණයට ලක්වීමට ගත් උත්සාහයේදී ලැබුණු ප‍්‍රතිඵල සුබදායි නොවූ නිසා තවත් වසරක කාලයක් හෝ මෙරට ජනයා ඉවසීමෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතුව ඇතැයි ද කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ශ‍්‍රී ලංකාව තවමත් කොවිඞ් අවදානමෙන් ගැලවී නැති බවද වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment