සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සිකුරාදා වැඩවරති

547


සේවා ඉල්ලීම් 08ක් මුල් කරගෙන රජයේ රෝහල්වල සේවය කරන හෙද ,පරිපුරක වෛද්‍ය සේවා ,අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීන් 20කට පමණ අයත් සෞඛ්‍ය වෘත්තිකයෝ ලබන සිකුරාදා සිය සේවා ස්ථානවලින් ඉවත් වී දීපව්‍යාප්ත එක් දින සංකේත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති 44කින් සමන්විත සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි .
කොරෝනා මර්දනය සඳහා සියලූ‍ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් හට අවශ්‍ය පහසුකම් ලබා දීම ,කොරෝනා වසංගතය අවසන් වන තුරු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් හට රුපියල් 7500 ක මාසික දීමනාව අඛණ්ඩව ලබා දීම , අතිකාල නිවාඩු දින ගෙවීම් සීමාවන් ඉවත් කිරීම ,කොරෝනා විශේෂ නිවාඩු කප්පාදුවකින් තොරව ලබා දීම ඇතුළු සේවා ඉල්ලීම් 08ක් මුල් කරගෙන මෙම වර්ජනය ක‍්‍රියාත්මක කෙරෙන බවත් එදින දහවල් කෑම පැය තුළදී වර්ජිත සෞඛ්‍ය වෘත්තිකයෝ රජය රෝහල් ඉදිර්පිට උද්ඝෝෂණයක් පවත්වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වන සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය .

advertistmentadvertistment
advertistmentadvertistment