සෞඛ්‍ය සේවකයන්ට බි‍්‍රතාන්‍යයේ රැකියා දෙන්න අවබෝධතා ගිවිසුමක්

184

මෙරට හෙදියන්ට සහ අනෙක් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවාවේ රැකියා ලබාදීමේ අවබෝධතා ගිවිසුමක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කර ඇත.

පසුගිය ජනවාරි 18 දා අත්සන් කළ ගිවිසුමට අනුව එක්සත් රාජධානියේ රැුකියා ලබාගැනීම සඳහා ෂෑඛඔී ඉංග‍්‍රීසි භාෂා විභාගය සමත්ව තිබීම අනිවාර්ය වේ.

මෙම ගිවිසුම සඳහා ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ රැුකියා ප‍්‍රවර්ධන සහ වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ යන මහත්ත්වරුන් ද එක්සත් රාජධානිය වෙනුවෙන් දකුණු ආසියානු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවිධාන හා එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඞ් සාමිවරයා ද අත්සන් තබා ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment