සෞඛ්‍ය සේවාවේ අදක්‍ෂ සභාපතිවරුන් වහාම ඉවත් කළ යුතුයි… වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන

164

සෞඛ්‍යයට අනුබද්ධ සංස්ථාවල සිටින අදක්‍ෂ සහ දූෂිත සභාපතිවරුන් වහාම ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ ට පැවැසීය.

 මෙම නිලධාරීන් සෘජුව හෝ වක‍්‍රව වංචා දූෂණයන්ට සම්බන්ධ නිසා මෙරට සෞඛ්‍ය පද්ධතිය දැඩි අවදානමක පවතින බවද හෙතෙම පැවැසීය.

 සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ පරිපාලනයට ඒ පිළිබඳව වෘත්තීය නිපුණත්වයක් ඇති පිරිස් අවශ්‍යව ඇතත් මෙවැනි විශාල ආයතන ඵලදායිතාවයෙන් යුතුව පාලනය කිරීමට සෞඛ්‍යයට අනුබද්ධිත වත්මන් සංස්ථා සභාපතිවරුන් අසමත්ව ඇතැයිද වෛද්‍ය බෙල්ලන මහතා සඳහන් කළේය. සංස්ථා සභාපතිවරුන් ඇතුළු පරිපාලන ක්‍ෂේත‍්‍රයේ නිලධාරීන් සිය වෘත්තීන් පිළිබඳව යම් ප‍්‍රගතියක් නොපෙන්වන්නේ නම් ඔවුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගන්නා බව පවසා තිබුණද මේ දක්වා එවැන්නක් සිදුනොවීම නිසා සෞඛ්‍ය සේවය දිනෙන් දින අර්බුදයට ලක්ව ඇතැයිද වෛiවරයා කියා සිටියේය.

 සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment