සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අලුත්ම මාර්ගෝපදේශය වී ඇත්තේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය කොවිඞ් ආසාදනය වූ පසු දින දහයකින් යළි කිසිදු පරීක්ෂාවකින් තොරව සේවයට කැඳවීමයි…

138

සෞඛ්‍ය සේවා අධ්‍යාක්ෂ ජනරාල්වරයාගේ අලූත්ම මාර්ගෝපදේශය වී ඇත්තේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය ඇතුළු ඉදිරිපෙළ සත්කාර සේවාවන් සිදු කරන සේවකයන්ට කොවිඞ් ආසාදනය වූ පසු දින දහයකින් යළි කිසිදු පරීක්ෂාවකින් තොරව සේවයට කැඳවීම යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

දින 10කින් ආසාදිතයන් සේවයට කැඳවලා යම් ප‍්‍රමාණයකට පාලනය වෙමින් තියන වසංගතය නැවත පැතිරීමේදී එහි වගකීම ගන්නේ කවුද යැයිද විමසා සිටි ඒ මහතා අවම තරමින් ප‍්‍රතිදේහ ජනක පරීක්ෂණයක්වත් සිදු කිරීමට බැරි නොහැකියාව කුමක්දැයිද විමසා සිටියේය.

අවිද්‍යාව සඳහා විශාල කැමැත්තක් තියන සෞඛ්‍ය අමාත්‍යාංශය නිතරම බලන්නේ පරීක්ෂණ නොකර ඉන්න. විද්‍යාත්මක සත්‍ය වළලන්න. අපි අහන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මොන පදනම භාවිතා කරලද ඒ තීරණයට ආවේ.

එන්නත පිළිබඳ දීර්ඝ කාලීන සංකූලතා පිළිබඳ අධ්‍යනය කිරීමට තව වසර පහක්වත් ගත වේවි. එතෙක් පාසල් වසා තැබිය නොහැකිනම් ආරක්ෂිතව පාසල් විවෘත කළ යුතුයි. ඒ සඳහා ෆයිසර් වැනි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ණ අනුමැතියට ලක්වූ එන්නතක් භාවිත කළ හැකිව තිබියදී ඒ අවස්ථාව මග හැරීලා දේශපාලන තීන්දු ගැනීම වැරදියි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment