සෞඛ්‍ය සේවා වර්ජනය සාර්ථකයි – රවි කුමුදේශ්

283



චමින්ද සිල්වා, ඒමන්ති මාරඹේ

ඉල්ලීම් 06කට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවාවන් 15ක සහභාගීත්වයකින් ඊයේ (09 දා* පැවැත්වූ සංකේත වැඩවර්ජනය ඉතා සාර්ථක වූ බව පරිපූරක වෛi වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා දිවයිනට ඊයේ (09 දා) පැවසීය.

තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් ලබාදෙන ලෙස තවත් සතියක් ආණ්ඩුවට කල්දෙන බවත් එයිනුත් සහනයක් නොලැබෙන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති එක`ගතාවයට පැමිණි බවත් කුමුදේශ් මහතා කීය.

මෙම වැඩවර්ජනය සඳහා වෛi රසායනාගාර විiාඥයින්, ඖෂධවේදීන්, සියලූ පරිපූරක වෛi වෘත්තිකයන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, ඖෂධ සංයෝජක, පවුල් සෞඛ්‍ය නිලධාරීන් හෙද වෘත්තිකයන් ඇතුළු වෘත්තීන් 15ක 50,000 ක පමණ පිරිසක් එක්වූ බවද ඒ මහතා කීය.

මාතෘ, පිළිකා, ළමා රෝහල් සහ කොවිඞ් රෝහල්වල වර්ජනය ක‍්‍රියාත්මක නොවූ බව කී කුමුදේශ් මහතා වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක වුවත් හදිසි අවශ්‍යතා සඳහා සේවා සැපයීමට තම සංගම් නියෝජිතයින් කටයුතු කළ බවත් කීය.

තම ඉල්ලීම් අතර සෞඛ්‍ය පරිපාලන සේවාව ස්ථාපිත කිරීම, මාණ්ඩලික සේවා චක‍්‍රලේඛය වහා නිකුත්කිරීම, උසස්වීම් චක‍්‍රලේඛය වහා නිකුත් කිරීම ඖෂධ මිල අඩුකිරීම ඇතුළු ඉල්ලීම් පැවැති බවද ඔහු කීය.
 

advertistmentadvertistment
advertistmentadvertistment