සෞදියේ දැවැන්ත ඉදිකිරීම් වලට ඇබෑර්තු

241


සෞදි අරාබියෙහි ආරම්භ කිරීමට සැළසුම් කර ඇති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවල වෘත්තීය රැකියා අවස්ථා ලබා ගැනීමේ අරමුණෙන් සුදුසුකම්ලත් ශ්‍රි ලාංකිකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ආරම්භ කර ඇත.

අදාළ ව්‍යාපෘතිවල ගෘහ නිර්මාණ ශිල්පීන් , ඉංජිනේරුවන් සහ
ප්‍රමාණ සමීක්‍ෂකයින් සඳහා රැකියා ඇබෑර්තු රාශියක් ඇතිවිය හැකි බැවින්, එම අවස්ථා ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට ලබා ගැනීම සඳහා සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සෞදි ආරාබියේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම රැකියා සඳහා ලියාපදිංචිවීම හා වැඩි විස්තර, කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment