සෞදි අරාබියාව සහ එමිර් රාජ්‍ය එක්වී යේමනයට ගුවන් ප‍්‍රහාර 24 ක් එල්ල කරති 12 ක් මරුට

535

අබුඩාබි සහ ඩුබායි ආරක්ෂිත නගර නොවන බවට හව්ති ගරිල්ලෝ අනතුරු අඟවති

මැද පෙරදිග යුද්ධයකට මුල පුරමින් සෞදි අරාබියාව සහ එමිර් රාජ්‍යය එක්ව යේමනයට ගුවන් ප‍්‍රහාර 24ක් එල්ල කිරීමෙන් 12ක් මරුමුවට පත් වී 11ක් තුවාල ලබා ඇත.

මෙම ගුවන් ප‍්‍රහාර එල්ල වී ඇත්තේ යේමනයේ සානා අගනුවර ඇතුළු ප‍්‍රදේශ කීපයකටය. අබුඩාබි ගුවන් තොටුපළට එලල් වූ හව්ති ගරිල්ලා ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර ලෙස මෙම සෞදි සහ එමිර් රාජ්‍යය එක් වී ප‍්‍රහාර එල්ල වී තිබේ. මෙම ප‍්‍රහාර එල්ල වීමත් සමගම හව්ති ගරිල්ලෝ අනතුරු අඟවමින් අබුඩාබි සහ ඩුබායි ආරක්ෂිත ස්ථාන නොවේ යැයි පවසා ඇත. හව්ති ගරිල්ලන් එමිර් රාජ්‍යය සතු නැවක් ද පැහැරගෙන ඇති අතර එය මෙතෙක් නිදහස් කර නොමැත. හව්ති ගරිල්ලන් රම්බි නමැති මෙම නැව සහ 11කගෙන් යුත් නාවිකයන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන තිබේ. එම නැව මුදාහරින ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කළ ඉල්ලීම ද හව්ති ගරිල්ලන් ප‍්‍රතික්ෂේප කර ඇත.

සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment