සෞදි අරාබියේ අබා ගුවන්තොටුපළට ප‍්‍රහාරයක්

418

යේමනයේ හූති කැරැලිකරුවන් සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඩ්‍රෝන ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

 මෙම ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. සෞදි අරාබිය සහ යේමනය අතර දේශසීමාවේ සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපළට මෙම ඩ්‍රෝන ප‍්‍රහාරය එල්ල වී තිබේ.

 සෞදි අරාබිය මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක ඒකාබද්ධ හමුදා යේමනයේ ක‍්‍රියාත්මක හූති කැරැුලිකරුවන්ට එරෙහිව සටන් වදියි. සෞදි අරාබියේ ගුවන් ආරක්ෂක පද්ධති මඟින් මෙම ප‍්‍රහාරය ව්‍යර්ථ කිරීමටත් ඩ්‍රෝන යානය විනාශ කිරීමටත් සෞදි අරාබියානු ආරක්ෂක අංශ සමත් වූ බව එක්බරියා පුවත් සේවය වාර්තා කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment