සෞදි අරාබියේ පැවැත්වෙන පාපන්දු පළමු පුහුණු තරගයේ ජය ශී‍්‍ර ලංකාවට

159

සෞදි අරාබියේ විශේෂ පුහුණුවක නිරතව සිටින ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු පිල මුහුණ දුන් පළමු සුහද තරගයේදී රියාද් නගරයේ පිහිටි ජබා පාපන්දු සමාජයට එරෙහිව ගෝල් 06 – 01 ක ජයග‍්‍රහණයක් සටන් කර ගැනීමට සමත් විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු අහමඞ් වසීම් රාසික් 02, එච්. එල්. කවිඳු ඉෂාන් 01, එම්.එච්.රිෆ්කාන් මොහොමඞ් 01, එඩිසන් ෆිගරාඩෝ 01 සහ එම්.එම්.මොහොමඞ් ආකීබ් 01 බැගින් ගෝල් වර්තා කිරීමට සමත්විය.

ඔක්තෝබර් මස 01 සිට 16 දක්වා මාලදිවයිනේදී ක‍්‍රියාත්මක කෙරෙන දකුණු ආසියාතික පාපන්දු තරගාවලියට සහභාගී

කරවන ශ‍්‍රී ලංකා ජාතික පිල සවිමත් කිරීමේ අරමුණු ඇතිව මෙම පුහුණු සැසිය සෞදි අරාබියේ රියාද් නගරයේ දී ක‍්‍රියාත්මක කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment