සෞන්දර්ය ලියූ සිසුන්ට උසස් පෙළට අලූත් දොරක්

200

ප‍්‍රතිඵල නිකුත් කරනු ලැබූ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ (2020* විභාගයේ සෞන්දර්ය විෂයයට පෙනී සිටි සිසුන්ගෙන් විෂයයන් 05 ක් සම්මාන 02 ක් සමග සමත්ව සිටින සිසුන්ට උසස් පෙළ හැදෑරීම සඳහා අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ (24 දා* පැවසීය.

මීට අදාළ චක‍්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බවත් පාසල් ආරම්භ කිරීමෙන් පසු සෞන්දර්ය විෂයයන්වලට අදාළ ප‍්‍රායෝගික පරීක්‍ෂණ පවත්වා එම සිසුන්ගේ ද ප‍්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය. මේ සඳහා සිසුන් 170,000 ක් පමණ සිටින බවද ඒ මහතා පැවසීය. සෞන්දර්ය විෂයය නොමැතිව සිසුන් 236,053 දෙනකු උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා තිබේ. එය උසස් පෙළ හැදෑරීමේ ප‍්‍රතිශතය සියයට 75 කි.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුහු 622,352 ක් පෙනී සිටියහ. නිකුත් කරනු ලැබූ ප‍්‍රතිඵල විදුහල්පතිවරුන් මාර්ගයෙන් පාසල් වෙත ලබාදීමට කටයුතු කෙරේ.

 විභාග අංකය අමතක වූ දරුවන්ට ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර ප‍්‍රතිඵල ලබාගත හැක. ප‍්‍රතිඵල සම්බන්ධ ගැටලූ 0112784208, 0112784537, 0113140314 යන දුරකථන අංකවලින් හෝ 1911 ක්‍ෂණික අංකයෙන් විමසීම් කළ හැක.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment