හග්ගල ස්වභාවික රක්ෂිතයේ ගෝනෙකු මස් කළ දෙදෙනා අත්අඩංගුවට

459

පට්ටිපොල පොලිස් බල ප්‍රදේශයට අයත් හග්ගල ස්වභාවික රක්ෂිතයේ සිටි ගෝනෙකු මරා මස් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් පට්ටිපොල පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පට්ටිපොල පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ හදිසි මෙහෙයුමකදී පට්ටිපොල ප්‍රදේශයේ හග්ගල ස්වභාවික රක්ෂිත මායිමේ පිහිටි දුම්රිය මාර්ගය අසලදී ගෝන මස් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනා මස් තොගයද සමග අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ පට්ටිපොල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 38 සහ 40 පසුවන ඥාති සොයුරන් දෙදෙනෙකි.

හග්ගල ස්වභාවික රක්ෂිතයේ ගෝනෙකු මස් කළ දෙදෙනා අත්අඩංගුවට

අත්අඩංගුවට පත් මෙම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී රක්ෂිත තුළදී මද්දක් ඇටවීමෙන් අල්ලා මරා දමා මස් කර තිබු ගෝනාගේ හිස ඇතුළු ශරීර කොටස් කිහිපයක්ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

නුවරඑළිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි යූ උඩුගමසූරිය මහතාගේ උපදෙස් පරිදි පට්ටිපොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ත්‍යාගරාජා මහතාගේ මූලිකත්වයෙන් පට්ටිපොල පොලිසියේ පො:සැ:43608 සමන්ත, පො:සැ: 10932 ජයසේකර, පො:සැ: 10337 දිසානායක යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් හා මස් තොගය නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බොරලන්ද සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment