හඩක් නොමැති ජනතාවට හඩක් වුණා – මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නායක ස්වාමින් වහන්සේගේ ප‍්‍රකාශය

295

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුවත්පත වන ”ලක්මිණි පහණ” එළි දැක්වීමෙන් පසුව කාලානුරූපව විවිධ සිංහල පුවත්පත් එළි දැක්විණි‘ පාඨක සමූහයාගේත් රටේත් අවශ්‍යතාවන් අවබෝධ කර ගනිමින් බිහිවූ පුවත්පත් අතර දිවයින පුවත්පත කැපී පෙනෙන පුවත්පතක් විය’ සමාජ ප‍්‍රවාහයන් තුළ කතිකාවතක් ඇති කරමින් පාඨකයාගේ සිතැ`ගි පරිදි සත්‍ය තොරතුරු ගෙන ඒම ඔස්සේ පුවත්පතෙහි නාමය ලොව පතළ කරන්නට ‘දිවයින’ට හැකි විය’

 දශක හතළිහක් වැනි කාලයක් තුළ පුවත්පතකින් ජනතාවට ඉටු විය යුතු මෙහෙවර අතිශය උත්කර්ෂවත් ලෙස ලබා දීමට හැකි වීමම දිවයින ලැබූ ජයග‍්‍රහණයකි’ එවන් කාලයක් එකලෙස ජනතා ප‍්‍රසාදය දිනා ගැනීමට හැකිවීමද සුළු කොට තැකිය හැකි නොවේ’ දීර්ඝ කාලයක් පුරා පාඨක පිරිසගේ විශ්වාසය රැුක ගනිමින් නව්‍ය පුවත් ඔස්සේ සෙසු පුවත්පත් අතර බැබළෙමින් පුවත්පතක් පවත්වාගෙන යෑමට හැකි වීමද ලෙහෙසි පහසු කාර්යයක් නොවේ’

 ප‍්‍රවෘත්ති විශේෂාංග” විමර්ශනාත්මක තොරතුරු” සාහිත්‍යය” ක‍්‍රීඩා” නවදැනුම පමණක් නොව අනාගත දරුපරපුර වෙනුවෙන් අධ්‍යාපන සංග‍්‍රහයන්ද ජනගත කරමින් දිවයින මේ වන විට සන්නිවේදනයේ නිම්වළලූ පුළුල් කොට ඇති බව පෙනෙන්නට තිබේ’ එකම ආරක රටාවක නොසිට සුවිශාල සමාජ මෙහෙවරක නියැළෙන්නට ඔවුනට ශක්තිමත් නායකත්වයක් ඇති බව අමතක කළ නොහැකිය’ සෑම ක්ෂේත‍්‍රයක්ම ආවරණය කරමින් හඬක් නොමැති ජනතාවට හඬක් නගන්නට ඉඩක් හදන්නට ‘දිවයින’ට හැකිව තිබිණි‘

 පාලකයන්ගේ ඇතැම් පීඩාකාරී තත්ත්වයන්ට ගොදුරුව අසහනකාරී ලෙස වෙසෙන සාමාන්‍ය ජනතාවට හඬක් නගන්නට දිවයින තැනක් සකසා තිබිණි‘ ඒ ඔස්සේ ජනතා මතය එළි දැක්වීමට අවස්ථාව ලබා දීම පුවත්පතකින් සිදුවිය යුතු යුතුකමක් බව වටහා ගනිමින් කටයුතු කිරීම පැසසිය යුතුය’

 හතළිස් වසරක් විවිධ බාධක මැද නොසැලී ඉදිරියට ගමන් කිරීමට දිවයිනට හැකි වූයේ ජනතාවට සත්‍යයම ගෙන ඒමට ගත් වෑයමක ප‍්‍රතිඵලයක් ලෙසය’ සියලූම දේශපාලන බලපෑම්වලින් බැහැරව පුවත්පතක් ලෙස සෑම සියලූ පක්ෂයක් උදෙසාම ඉඩක් දී පොදු මත ඉදිරිපත් කිරීමට ඉඩප‍්‍රස්ථාව ලබා දීමද පුවත්පතෙහි නොසැලෙන ගුණයකි’

 විද්‍යුත් නාලිකා සමාජ මාධ්‍ය බිහිවෙමින් ජනතාව පුවත්පතින් ඈත් වන්නට පෙලඹෙන වකවානුවක සැණින් තොරතුරු ගෙන ඒම සඳහා දිවයින නවමානයන් කරා යොමුව ඇති බව දක්නා ලැබේ’ කාලෝචිත ලෙස නවීනත්වය දෙසට ගමන් කරමින් තමන්ගේ දැක්ම පළුදු නොකර ගනිමින් ඉටු කරන ජාතික මෙහෙවර අගය කරමි’ ජාතික ආගමික සංස්කෘතික සබැඳියාව රැුක ගනිමින් දිගුකලක් පොදු මහත් ජනතාව අතර රැුඳෙන්නට දිවයිනට ශක්තිය ඇත’ ධෛර්යය ඇත’

 අභියෝග ජයගනිමින් ජනතාව වෙත තොරතුරු රැුගෙන යෑම පිණිස මේ ගන්නා වෑයම සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක වී දිවයින යෙහෙන් දිගුකල් වැජඹේවා යැයි පතමි’


ශාසනික උන්නතියට දිවාරැයේ කැපවුණා – අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි නාහිමියෝ

හඩක් නොමැති ජනතාවට හඩක් වුණා - මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නායක ස්වාමින් වහන්සේගේ ප‍්‍රකාශය

වසර හතළිහක් යනු සුළුපටු කාලයක් නොවේ’ මිනිසකුගේ නම් වයස අවුරුදු හතළිහක් යනු පරිණත බුද්ධියකින් සහ ප‍්‍රායෝගික දැනුමකින් හෙබි වයසකි’ ඊටත් වඩා පුවත්පතක නම්” වසර හතළිහක පරිණත බව ඊටත් වඩා පෙරට ගිය දියුණු තත්ත්වයකි’

 ශ‍්‍රී ලාංකික පමණක් නොව ජාත්‍යන්තර පාඨක සමූහය උදෙසා දැනුම අවධානය ඇති කරමින් කාලෝචිත තොරතුරු මෙන්ම නව ආරක පුවත් ගෙන ඒමට දිවයින පුවත්පත සමත් වී තිබේ’ එය ආගමික ශාසනික උන්නතිය සඳහා දිව ? මැදිහත්ව මැදහත් ලෙස කටයුතු කිරීමෙන්ද” රට ජාතිය ආගම රැුක ගැනීම සඳහා වචන පෙළහර කර ඇති අයුරින්ද ගම්‍ය වෙයි’ ජාත්‍යාලය ජාතිකවාදී නොවී සෑම ජාතියකටම ආගමකටම සංස්කෘතියකටම ඇති ගෞරවය ආරක්ෂා කරමින් සමාජගත කිරීමට දිවයින ගන්නා උත්සාහය නිරතුරුව අගය කළ යුතුය’ පුවතක් හෝ විශේෂාංගයක් කියැවීමෙන් පාඨකයාගේ ආකල්ප වර්ධනය සඳහා එහි පිටුබලයක් ලැබිය යුතු බව මම විශ්වාස කරමි’ වචන හරඹයක අන්තර්ගත වන උක්ත ආඛ්‍යාතයන් අරුත්බර වදන් පාඨක බුද්ධිය කලම්බන පරිදි විය යුතුය’ වාක්‍ය රටාවන් ඔස්සේ යම් සිදුවීමක විශ්වාසය නිවැරදි බව සහ සත්‍ය බව පසක් විය යුතුය’ දිවයින පුවත්පත එම රටාව අවබෝධ කොට ගනිමින් සිය වගකීම නොපිරිහෙලා ඉටු කරන බව මාගේ විශ්වාසයයි’ එවැනි තොරතුරු සමාජගත කිරීම පිණිස දිවයින එදා මෙදාතුර සිදු කරනු ලබන සේවය අතිමහත් බවද කියමි’

 ජාතික ආගමික සංහිඳියාව උදෙසා දිවයිනෙ හි මැදිහත්වීම ප‍්‍රශංසනීයය’ දේශපාලන සමාජයීය කටයුතුවලදි දිවයින හි කාර්යභාරය ද ඉමහත්ය’ කිසිදු කණ්ඩායමක හෝ දේශපාලන පක්ෂයක මතයට ගැති නොවී ස්වාධීනව ජනතා මතයට මුල් තැන දෙමින් කටයුතු කිරීම දිවයින පුවත්පත සතු අනන්‍යතාවකි’ ඇතැම් කාරණාවලදි සිංහල බෞද්ධ ජනතා ගැටලූ සම්බන්ධයෙන් ජාතික තලයේ පුවත් ඉදිරිපත් කළ ආකාරය ජනතා සිත්හි රැුඳී තිබෙන බව මගේ හැ`ගීමයි’ තරගකාරී පුවත්පත් අතර නොසැලී ඉදිරියට යෑමේ අධිෂ්ඨානය ඇතිව දිගු ගමනක් පැමිණි දිවයින පුවත්පත දිගුකල් සමාජ මෙහෙවරක රැුඳෙමින් යහපත් පුරවැසියන් බිහිකිරීමේ ක‍්‍රියාවලියට වක‍්‍රාකාරයෙන් උරදෙනු ඇතැයි අපේක්ෂා කරමි’


පරාදීනත්වය පරාජය කළා – දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණේ ලේකම් ශ‍්‍රී ලංකා දේශීය වෛද්‍ය සම්මේලනයේ  – සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

හඩක් නොමැති ජනතාවට හඩක් වුණා - මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නායක ස්වාමින් වහන්සේගේ ප‍්‍රකාශය

දිවයින ඉරිදා සංග‍්‍රහය ආරම්භ කළ යුගයේ දී මෙරට මාධ්‍යවල ජාතිකත්වය සඳහා එතරම් ඉඩක් නොතිබුණි’ ජාතිකත්වය සඳහා ඉඩක් ලබාදීමේ කටයුත්ත ආරම්භ කරන ලද්දේ ‘‘දිවයින’’ පුවත්පත විසිනි’ ඉන් අනතුරුව වෙනත් පුවත්පත් ද ඒ සඳහා යොමු වුණි’ එසේ වූවත් ජාතිකත්වය” දේශීයත්වය මතුකර දීම තමයි දිවයින පුවත්පත විසින් ඉටුකළ ප‍්‍රධාන කාර්ය වූයේ’

 එම කටයුත්ත සඳහාම ගැළපුණු එඞ්මන් රණසිංහ මහතා දිවයින පුවත්පතේ කර්තෘවරයා ලෙස කටයුතු කළා’ ඒ වගේම කර්තෘ මණ්ඩලයේ සෙසු පිරිසත් ඊට අනුගතව කටයුතු කළා’ එදා සිට මේ දක්වාම දිවයිනේ ප‍්‍රමුඛතම කාර්ය වූයේ දේශීයත්වය සහ ජාතිකත්වය මතුකර දීම බව අපි විශ්වාස කරනවා’ දිවයින පුවත්පතට වසර 40ක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ දී එම කටයුත්ත සඳහා යොදාගෙන තිබෙන උද්ධෘත පාඨයන් එම කටයුත්ත සඳහා කදිමට ගැලපෙන බවත් අප විශ්වාස කරනවා’ පරාදීනත්වය පරාජය කිරීම සඳහා ඉදිරියටත් එම තේමාවන් ඔස්සේම කටයුතු කිරීම වැදගත් බව මේ අවස්ථාවේදී සඳහන් කළ යුතුව තිබෙනවා’ එම තේමාවන් ඔස්සේ කටයුතු කිරීම මගින් රටේ ජනතාවගේ ජාතිකත්වය දේශීයත්වය පිළිබඳ හැ`ගීම් වර්ධනය වීම මගින් රටේ ආරක්‍ෂාවට මෙන්ම දියුණුවටත් හේතුවන බව පැහැදිලියි’ දිවයින පුවත්පත ආරම්භ කළ අවස්ථාවේ සිට මේ දක්වා සිදුකරන ලද එම කාර්ය පිළිබඳව අප සතුටු වෙනවා’ ඉදිරියටත් දිවයින පුවත්පත මෙම දිවයින තුළ දේශීයත්වය” ජාතිකත්වය මතු කරමින් වැජඹේවා කියලා අපි ආශීර්වාද කරනවා’ උපාලි විජයවර්ධන මහතා දිවයින පුවත්පත ආරම්භ කළේ දේශීයත්වය මත පදනම් වෙලා මේ රට නගා සිටුවීමේ අරමුණින්’ ඒ පිළිබඳව මම හොඳින්ම දන්නවා’ ඒ සඳහා එතුමා වැඩ පිළිවෙළවල් රාශියක් දියත් කළා’ මාධ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ ජාතිකත්වය නගා සිටුවීමට තමයි එතුමා දිවයින පුවත්පත ආරම්භ කළේ’ ඒ සඳහා සුදුසු කර්තෘවරයෙකු වූ එඞ්මන් රණසිංහ මහතාත් උපාලි විජයවර්ධන මහතාට මුණ ගැසුණා’ ඉදිරියටත් එම මාවන ඔස්සේම දිවයින පුවත්පත ගමන් කරනු ඇති බව අපි අපේක්‍ෂා කරනවා’

ජනතාවට මත පළ කරන වේදිකාවක් වුණා  – සිරිල් ගාමිණී පියතුමා

හඩක් නොමැති ජනතාවට හඩක් වුණා - මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නායක ස්වාමින් වහන්සේගේ ප‍්‍රකාශය


දිවයින ඉරිදා සංග‍්‍රහයට වසර 40ක් සම්පූර්ණ වීම  ශී‍්‍ර ලංකාවාසී අප සියලූ දෙනාටම සතුටට කාරණයක්. අපි පළමුවෙන්ම දිවයින පුවත්පත වසර 40ක කාලයක් තුළ රටට කරන ලද සේවය වෙනුවෙන් එහි කර්තෘවරුන් ලෙස කටයුතු කළ අයටත් එහි කාර්ය මණ්ඩලයේ සේවය කළ අයටත් සුභපතනවා.

 වසර 40ක කාලයක් පුරා පුවත්පතක් පවත්වාගෙන යෑම පහසු දෙයක් නොවෙයි. නමුත් විද්‍යුත් සහ සමාජ මාධ්‍ය අතරේ තවමත් පුවත්පත ජනප‍්‍රිය මාධ්‍යයක්. ඒ වගේම අනිකුත් මාධ්‍යයන්ට වඩා පුවත්පත් මාධ්‍යයට දේශපාලන, ආර්ථික, සමාජ යන ඕනෑම ක්‍ෂේත‍්‍රයක් තුළ පැන නගින අර්බුද ඇතුළු නොයෙකුත් කටයුතුවලදී ගැඹුරින් විමර්ශනාත්මකව කරුණු සාකච්ඡුා කිරීමේ හැකියාව තිබෙනවා. එම නිසා අපි දකිනවා ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහය පසුගිය වසර 40ක කාලය තුළ එම කාර්යභාරය ඉෂ්ට කළ බව. ඒ වගේම පුවත්පතක් කියන්නේ එක පැත්තකට සන්නිවේදනය වන ක‍්‍රමයක් නොවෙයි. පුවත්පතක් කියන්නේ ජනතාවගේ මත, අදහස් එළිදක්වන වේදිකාවක්. ඒ වගේම මත හදන්නත්, ජනතාවගේ මත සමාජ ගත කරන්නත්, ජනතාවගේ මතය හදන්නටත් මේ රට තුළ දිවයින ඉරිදා සංග‍්‍රහය දායක වී තිබෙනවා. ඒ වගේම අපිට කිතුනුවන් හැටියට අපේ ජනතාව වෙත දහම

 ගෙනියන්න දිවයින ඉරිදා සංග‍්‍රහය දායක වූ අවස්ථා බොහොමයක් තිබෙනවා. මේ අවස්ථාවේදී අපි ඒ පිළිබඳවත් ස්තූතිවන්ත වෙනවා. මම ප‍්‍රාර්ථනා කරනවා ඉදිරියටත් මේ රටේ ජනතාවට සේවය කිරීමට, රටට සේවය කිරීමට දිවයින ඉරිදා සංග‍්‍රහයට ආශිර්වාදයත්, ශක්තිය හා ධෛර්ය ලැබේවා කියලා.

advertistmentadvertistment
advertistmentadvertistment