හතකට කොරෝනා… එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම නිරෝධායනයට

163

එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයන් තිදෙනකුට සහ කළමනාකරණ නිලධාරීන් සිව් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. එ් අනුව පසුගියදා ශී‍්‍ර ලංකාව සමගින් පැවැති එක්දින තරගාවලියට කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායමේ සියලූම කී‍්‍රඩකයන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
 
 ශී‍්‍ර ලංකා කණ්ඩායම සමගින් පැවැති තරගාවලියෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම පාකිස්තානය සමගින් හෙට (08 වැනිදා* එක්දින තරගාවලියකට සහභාගි වීමට නියමිතව තිබිණි. එ් අනුව එම තරගාවලිය සඳහා බෙන් ස්ටොක්ස්ගෙන් යුත් නව කණ්ඩායමක් මේ වන විට නම්කර ඇති බවට එංගලන්ත කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කර තිබේ.
 
 කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් සහ කණ්ඩයමේ අනෙකුත් කී‍්‍රඩකයන් මේ වන විට සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මත නිරෝධායනයට ලක් කර තිබේ. එ් අනුව සංචිතයට නැවැත කැඳවන කී‍්‍රඩකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව කණ්ඩායම හා සම්බන්ධ කිරීමට නියමිත බවද එරට කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment