හතරලියද්ද ප‍්‍රාථමිකයේ 2 ශ්‍රේණියේ සිසුවකුට කොරෝනා… පියාට රෝගය තිබියදී දරුවා පාසල් එවලා

342

හතරලියද්ද ප‍්‍රාථමික විදුහලේ 2 වැනි වසරේ ඉගෙනුම ලබන 7 හැවිරිදි සිසුවකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම විදුහලේ විදුහල්පති ටී.ඇම්. තෙන්නකෝන් මහතා පැවසීය.

හතරලියද්ද මීගස්තැන්න ප‍්‍රදේශයේ පදිංචි මෙම දරුවාගේ පියා කොරෝනා වෛරසය වැළදී සිටියදී, දරුවා පාසලට පැමිණ ඇති බවත්, මෙම දරුවාගේ අසාමාන්‍ය හැසීරීම් රටාව නිරීක්ෂණය කළ පන්ති භාර ගුරුවරයා ඒ බව තමන්ට දැනුම් දීමෙන් පසුව හතරලියද්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට මේ පිළිබඳ වාර්තා කළ පසුව ඔවුන් පැමිණ සිදු කළ පරීක්ෂණ වලදී මෙම දරුවාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව නිවෙසට රැගෙන යාමට කටයුතු කළ බවත් විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

හතරලියද්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජී.එස්.කේ. ගරුසිංහ මහතාගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන එස්.බී. හුරීගොල්ල සහ සී. ලසන්ත කුමාර යන මහත්වරු වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කළ අතර පවුලේ සියලූ දෙනාම වෛරසට ගොදුරු වී ඇති බැවින් නිවෙස් නිරෝධායනයට යොමුකර ඇත.

හතරලියද්ද – කිත්සිරි බණ්ඩාර සමරතුංග

advertistmentadvertistment
advertistmentadvertistment