හතර වතාවක් ඔලිම්පික් ශූරයාට තත්පර හතරක් හරස් වෙයි

352

හතර වතාවක් ඔලිම්පික් රන් පදක්කම් ජයග්‍රහණය කර සිටින බි්‍රතාන්‍ය ජාතික මෝ ෆාරාන් එංගලන්තයේ ලන්ඩන් නුවරදී පෙරේදා (2 දා) පැවැති මීටර් 10000 තරගයේදී දෙවැනි ස්ථානයට පත්විය.

ෆාරාන් පරාජයට පත්වූයේ එලිස් ක්‍රොස් නම් ක්‍රීඩකයාටය.

එලිස් ක්‍රොස් ෆාරාන්ට වඩා තත්පර හතරක් ඉස්සර වී තිබිණි. ක්‍රොස් තරගය නිමා කිරීමට ගත කළ කාලය විනාඩි 28යි තත්පර 40කි. ෆාරාන්ට විනාඩි 28යි තත්පර 44ක් ගතවී තිබිණි.

මේ වන විට 39 හැවිරිදි වියේ පසුවන ෆාරාන් වසරකට පමණ පසුව සහභාගි වූ පළමු තරගය මෙය වේ. ෆාරාන්ව පරාජය කළ එලිස් ක්‍රොස් පවසන්නේ මේ ජයග්‍රහණය අදහා ගැනීමට නොහැකි වූ බවයි.

ක්‍රීඩා සමාජ නියෝජනය කරන ක්‍රීඩකයෙකු වන එලිස් ක්‍රොස් මේ තරගයට සහභාගි වීම සඳහා පවුම් 37ක් ගෙවා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment