හතළිහේ ඇන්ඩර්සන් අවුරුදු 87ක වාර්තාවක් අලුත් කරයි

461

වයස අවුරුදු 40 ක් සහ දින 207ක් වන එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ලොව ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් හි අංක 01 ස්ථානයට පත්ව ඇත.

ඇන්ඩර්සන්ගේ එම දක්ෂතාවය දැක්වෙන්නේ වයස අවුරුදු 40 ඉක්මවූ ක්‍රීඩකයකු ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ලොව හොඳම ක්‍රීඩකයා බවට වසර 87කට පසුව පත් වීමේ වාර්තාවයි.

මීට පෙර ටෙස්ට් පන්දු යවන්නන් අතර අංක 1 ස්ථානයට පැමිණි වයස්ගතම ක්‍රීඩකයා වූ ක්ලැරී ග්‍රිමට් 1936 වසරේදී එම දක්ෂතාවය දක්වා තිබුණි. ඒ වන විට ක්ලැරී ග්‍රිමට් ගේ වයස අවුරුදු 44 ක් විණි.

ඇන්ඩර්සන් ලොව හොඳම ටෙස්ට් පන්දු යවන්නා බවට පත්වූ හය වෙනි අවස්ථාව ලෙස මේ අවස්ථාව සඳහන් වේ.

ටෙස්ට් තරග 178කදී ඇන්ඩර්සන් මේ වන විට කඩුලු 682 ක් දවාගෙන තිබේ. ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ කඩුලු අටසීයක් දවාගත් මුත්තයියා මුරලිදරන් සහ කඩුලු 708ක් දවා ගත් ෂේන් වෝන් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment