හත්වතාවක් මරණීය තර්ජනය කර ශිෂ්‍යාවට පිහියෙන් ඇන ෆේස් බුක් දැමූ සැකකරු තවමත් නිදැල්ලේ

557

අක්මීමණ – ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ 03 වන වසරේ විදුලි ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය හදාරනු ලබන තම දියණියට පිහියෙන් ඇන ඒ බව දැන්වීමට ෆේස් බුකියේ ද පිහිය සමග ඡුායාරූප දමා ඇති බව එම ශිෂ්‍යාවගේ පියාවන පොලිස් පරීක්ෂක ලියනගමගේ පේ‍්‍රමසිරි මහතා පවසයි. ගාල්ල, අක්මීමණ, ලබුදුව පිහිටි උසස් තාක්ෂණ ආයතනයේ 03 වන වසරේ විදුලි ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය හදාරනු ලබන අදාළ ශිෂ්‍යාව ලබුදුව වෛද්‍යපිඨ නිල නිවාස ගේට්ටුව අසලදී 21 වැනිදා පුද්ගලයකු විසින් පිහිපහර 07ක් එල්ල කර බරපතළ තුවාල සිදුකර තිබුණි. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුකරන ලෙස ඇයගේ පියාවන පොලිස් පරීක්ෂක ලියනගමගේ පේ‍්‍රමසිරි මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

පිහි ඇනුමට ලක්වූ වැල්ලවාය පාර, තණමල්විල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 23ක් වයසැති මෙම ශිෂ්‍යාවට 07 වතාවක් මරණීය තර්ජනය කර ඇති බවත් ඒ පිළිබඳව ද තණමල්විල පොලිසියට පැමිණිලි කළ ද පරීක්ෂණ කිසිවක් නොවන බවට පියා, පොලිස් පරීක්ෂක ලියනගමගේ පේ‍්‍රමසිරි මහතා චෝදනා කරයි. පිහි ඇනුමට ලක්වූ ශිෂ්‍යාව මේ වනවිටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබයි. සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. කෙසේ නමුත් පොලිස් රැුකවරණ යටතේ පසුවන සැකකරු, තුවාල සිදුකළ පිහියද රැගෙන ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍යවලට මුදාහැර ඇති බවද ශිෂ්‍යාවගේ පියා සඳහන් කරයි.

හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්, ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment