හත් හැවිරිදි දරුවා යටකර පළාගිය යතුරුපැදිකරු නිදැල්ලේ

175

Daruwa Yatakara

ගල්කිරියාගම පොලිස් වසමේ තලාගල ප‍්‍රදේශයේදී අවුරුදු හතක් වයසැති පිරිමි දරුවකු යටකර පලාගිය යතුරු පැදිකරු සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ආඬියාගල අඹගස්වැව ප‍්‍රදේශයේ පදිංචි යෙතුම් තෙවිඳු නම් දරුවා මෙලෙස අනතුරට ලක්වී ඇත. තම සීයාගේ නිවසේ සිට තම නිවසට යෑමට මාර්ගය අසළ රැුඳී සිටියදී අඹගස්වැව සිට පලාගල දෙසට වේගයෙන් ධාවනය කළ යතුරුපැදිකරුවකු මෙම දරුවා යටකර පලාගිය බවට ප‍්‍රදේශවාසීහු පවසති.

අනතුරින් බරපතල තුවාල ලැබූ දරුවා ප‍්‍රදේශවාසීන් විසින් මූලික ප‍්‍රතිකාර සඳහා කලාවැව ප‍්‍රදේශීය රෝහලට ඇතුළත් කර එහිදී වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බවත් අනුරාධපුර රෝහලේදී දරුවා මියගිය බවත් දරුවාගේ සීයා පවසයි. මියගිය යෙතුම් පලාගල මහා විiාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි. මෙම සිදුවීමට අදාළ සැකකරු තවමත් හමුවී නොමැති නිසා පොලිස් නිල සුනඛයකුගේ ද සහය ඇතිව විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර ඇති බවට පොලිසිය ප‍්‍රකාශ කරයි.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment