හදවතේ හතළිහ ප‍්‍රසාංගික ප‍්‍රසංගය 15 දා

145

ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවේ හතළිස් වන සංවත්සරය වෙනුවෙන් ප‍්‍රාසංගික අත්දැකීමක් ලෙස ඉදිරිපත් කළ හදවතේ හතළිහ ප‍්‍රසංගය අපේ‍්‍රල් 15හෙට රාති‍්‍ර 9.00 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරේ. 1982 සිට 2022 දක්වා ජනපි‍්‍රයත්වයේ හිණිපෙත්තේම සිටින විශිෂ්ට ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් ඉදිරිපත් කෙරුණු මෙම ප‍්‍රසංගය රූපවාහිනය නම් කරන්නේ ඩිජිටල් නව්‍යකරණයේ ප‍්‍රාසංගික අත්දැකීමක් ලෙසිනි.

කීර්ති පැස්කුවෙල්, එඞ්වඞ් ජයකොඩි, නිහාල් නෙල්සන්, මරියසෙල් ගුණතිලක, රෝහණ බෝගොඩ, නුවන් ගුණවර්ධන, චම්පා කල්හාරි, ඇන්තනි සුරේන්ද්‍ර, සූරියකුමාර් මුත්තලගේ, කලාවතී, ලූක් හෙන්ඩි‍්‍රකස්, නිරෝෂා විරාජනී, උරේෂා රවිහාරි, සුභානි හර්ෂනී, කසුන් / ඉන්ද්‍රචාප, භාතිය සන්තුෂ්, උමාරියා සිංහවංශ, රුවන් හෙට්ටිආරච්චි, භාචි සුසාන්, ඉන්දිකා උපමාලි, සමන් ලෙනින්, කි‍්‍රෂාන්ත එරන්දක, රොහාන් බුලේගොඩ ඇතුළු ශිල්පීන් සහභාගි වූ මෙම ප‍්‍රසංගයේ සංගීතය මෙහෙයවීම කර තිබෙන්නේ මහේෂ් දෙනිපිටිය විසිනි. චන්න විජේවර්ධන, නේමාලි බුදවත්ත සහ චන්දන වික‍්‍රමසිංහගේ නර්තන විචිත‍්‍රත්වයෙන් පෙළ ගැසුණු හදවතේ හතළිහ ප‍්‍රසංගයේ පිටපත් රචනය නිලාර් එන්. කාසිම්ය. චින්තක අනුරුද්දගේ නිර්මාණ අධ්‍යක්‍ෂණයෙන් සහ රංග පේ‍්‍රමරත්න, නලින් මාපිටිය ඇතුළු ශිල්පීන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් හදවතේ හතළිහ ඔපවත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment