හදාවඩා ගැනීමට ගත් දරුවන් ගැන නෝර්වේ රජයෙන් පරීක්‍ෂණයක්

277

වෙනත් රටවලින් දරුකමට හදා ගත් දරුවන් පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කිරීමට නොර්වේ රජය තීරණය කර තිබේ. මෙයට ශ්‍රී ලංකාවෙන් ලබා ගත් දරුවන්ද ඇතුළත් වේ.

මෙම පරීක්ෂණ කමිටුව ශ්‍රී ලංකාව ඇතුළු අදාළ සියලුම රටවලින් අතීතයේ සිට වර්තමානය දක්වාම හදාවඩා ගත් සියලුම දරුවන් ගැන තොරතුරු සොයාගනු ඇත.

‘නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්නම් මෙය හෙළිදරව් වනු ඇත. සත්‍යය හෙළිදරව් කිරීම වැදගත් වන අතර වඩාත් මෑතදී දරුකමට හදාගැනීම් සමඟද අවදානම් තිබේදැයි අප බැලිය යුතුය’ යනුවෙන් නෝර්වීජියානු අමාත්‍ය ජෙස්ටි ටොපේ මහත්මිය පවසා තිබේ.

2017 වසරේ නෙදර්ලන්ත වාර්තා චිත්‍රපටයකදී ශ්‍රී ලංකා බලධාරීන් පිළිගෙන තිබුණේ 1980 ගණන්වල මෙරට උපත ලද ශ්‍රී ලාංකික බිලිඳුන් දහස් ගණනක් විදේශ රටවලට දරුකමට හදා ගැනීම සඳහා වංචනික ලෙස විකුණා ඇති බවයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment