හදිසියක් වුණොත් යුක්රේනයෙන් ශ‍්‍රී ලාංකිකයන් ඉවත් කර ගන්නවා – විදේශ අමාත්‍යාංශය

90

යුක්රේනයේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එරට සිටින ශී‍්‍ර ලාංකිකයන් ඉවත්කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය කියයි.

යුක්රේනයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයක් නොමැති අතර තුර්කියේ අන්කාරා නුවර පිහිටි තානාපති කාර්යාලය හරහා මේ කටයුතු සම්බන්ධීකරණ කෙරේ.

මේ වනවිට යුක්රේනයේ ශී‍්‍ර ලාංකිකයන් 40 දෙනකු සිටින අතර ඉන් හත්දෙනකු සිසුහු වෙති.

ඇමරිකාව ඇතුළු බොහෝ රටවල් සිය වැසියන්ට යුක්රේනයෙන් ඉවත්වෙන ලෙස නියෝග කර ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment