හදිසියේ ආ මහ වැස්සෙන් කැකිරාව සහ ගලෙන්බිඳුණුවැවට පීඩා

69

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ රැසකට සති ගණනාවක පසු 29දා සවස 6.00 පමණ දැඩි සුළං සමග වර්ෂාවක් ඇද හැලු‍ණි. උඩකල්ලාගම, කෝන්වැව, බැඳිවැව හරහා වර්ෂාව සමග දැඩි සුළං හැමීම හේතුවෙන් ප්‍රදේශයේ විශාල ගස් බිඳ වැටී ඇත. කොන්වැව ප්‍රදේශයේ වගාකර තිබූ ගස්ලබු අක්කර 2ක් පමණ වූ වගාවන් කිහිපයකට දැඩි හානියක් සිදුවී ඇති අතර ප්‍රදේශයේ නිවාස කීපයකට සුළු හානි සිදු වී ඇති බව එහි ගිය අපට දක්නට ලැබුණි.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 192 තුලාන පඩිකාරමඩුව පැරණිගම ප්‍රදේශයට ඇදහැලු‍ණු වර්ෂාවත් සමග ඇතිවූ තද සුළඟකින් නිවාස කිහිපයකට දැඩිලෙස අලාභහානි සිදුවී තිබේ.

අප මේ පිළිබද ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් ප්‍රියදර්ශන මහතාගෙන් කළ විමසීමකදී ලේකම්වරයා පවසා සිටියේ සුළං හේතුවෙන් නිවාස 04 කට හානි සිදුව ඇති බවත් එම නිවාස හතර අතුරින් නිවාස 03 ක් අර්ධ හානි සිදුව එක් නිවසක වහළයට පූර්ණ හානි සිදුව ඇති බවත්ය.

ගලෙන්බිඳුණුවැව – චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment